YouTube වෙතින් අළුත් වැඩක්.

0
27

Google ආයතනයේ සමාගමක් වන YouTube ආයතනය විසින් නවතම රුපවාහිනී සේවාවක් හදුන්වා දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මසකට ඩොලර් 35 ක් වැනි මුඳලකට Boardcast Channel හා Cable Channel 40 කින් සමන්විත රුපවාහිනී සේවාව නුදුරේදීම පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරන බව YouTube ආයතන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම නව රුපවාහිනි හඳුන්වාදීම ඔස්සේ Boardcast Channel ලෙස NBC, ABC, CBS හා Fox යන මාධ්‍ය ජාල ද  හා Cable Channel ලෙස MSNBC, USA, ESPN, FX හා Fox News වැනි මාධ්‍ය ජාල ද ඇතුලත් වන අතර ඉදිරි මාස කිහිපය තුල මෙය පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට නියමිත බව ඔවුන් කියා සිටියි.

එපමණක් නොව පාරිභෝගික ඔබට මෙමගින් සජීව වැඩසටහන් නැරඹීමට සහ එම වැඩසටහන් මිත්‍රයන් සමඟ බෙදාගැනීමට අවස්තාව ඇත. මාස 9ක පමණ කාලයක් තුල විකාශය වූ වැඩසටහන් පටිගත (Record) කර තබා ගැනීමට හැකි වීම මෙහි ප්‍රධාන වාසියකි.

YouTube වෙතින් හඳුන්වාදෙන මෙම අලුත්ම රුපවාහිනි වැඩසටහන් නැරඹීමේ හැකියාව ඉදිරි මාස කිහිපයේදී පාරිභෝගික ජනතාව උදෙසා හඳුන්වාදීමට නියමිත බව ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here