Neth fm බැලුම්ගල නිවේදකයා අතුරුදහන්.

0
52

නෙත් එෆ් නාලිකාවේ ජනප්‍රියම වැඩසටහනක්වූ බැලුම්ගල වැඩසටහනේ ප්‍රධාන නිවේදකයා මෙන්ම ප්‍රධානියා ලෙස කටයුතු කල නිලුප සංජය ලියනගේ හිටි හැටියේ අතුරුදන්වී ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත. ඔහුට බැළුම්ගල වැඩසටහන නිසා පසුගිය කාලය පූරාවටම මරණිය තර්ජන එල්ලවූ බව ඔහු කිහිප දෙනෙකුටම පවසා ඇති අතර පසුව නෙත් එෆ් බැලුම්ගල සම්බන්ධ වගකීම් වලින් පූර්ණකාලීනව ඉවත්වී නෙත් එෆ් එම් නාලිකාවේ ඩිජිටල් මාධ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

මේ වන විට ඔහු නෙත් එම් නාලිකාවට කිසිදු දැනුම් දීමක් නොකර ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසින් පවුලේ සාමාජිකයින් සමග පලාගොස් ඇති බවත් වාර්තාවේ.තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ දේශපාලන රැකවරණ පතා ඔහු ස්විට්සර්ලන්තය වෙත ගොස් ඇති බවයි.

පසුගිය දින කිහිපයෙහි ‘බැලුම්ගල’වැඩසටහනේ විකාශය වූ පාතාලය පිලිබඳ අනාවරණයන් හේතුවෙන් ඔහුට දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවී තිබු බවත් බැලුම්ගල වැඩසටහනින් පාතාල ලෝකය පිළිබද කළ අනාවරණයන් අත්හිටුවීමට කළමණාකාරීත්වය පියවර නොගැනීම හමුවේ තමන් බරපතල අවධානමකට මුහුණ පා ඇති බවද ඔහු තම සමීපතම මිතුරන් කිහිප දෙනෙකුටම පවසා ඇති බවද දැන ගන්නට ලැබෙනවා.

බැලුම්ගල වැඩසටහන නිසා පාතාල නායකයෙකුගෙන් එල්ල වී ඇති තර්ජන පිලිබද ඔහු විසින් පොලිස් පැමිණිලි කිහිපයක්ද ගොනු කර ඇති අතර එම විමර්ෂණ මෙතෙක් හමාර වී නොමැත.ඒ සම්බන්ධයෙන් තම හිතවතුන්ට ප්‍රකාශ කල අවස්ථාවේ හිතවතුන් ඔහුට පවසා ඇත්තේ ,පොලිස් පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන්නේ නම් ,පෞද්ගලිකව ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසටයි .එයට ප්‍රතිචාර දක්වමින් නිලුප සංජය පවසා ඇත්තේ මේ මොහොතේ නෛතික ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට තමන්ගේ පවුලේ සහ තමන්ගේ ජිවිතය බේරා ගැනීම අතිශය වැදගත් බවයි .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here