අගමැතිවරයාගේ අශෝභන ක්‍රියාව.

0
76

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් බියර් වීදුරුවක් අතින් ගෙන සිය මිණිබිරියක වඩාගෙන සිටින ඡායාරූපය ඔස්ට්‍රේලියානු සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

සිඩ්නි නුවර පැවති ඔස්ට්‍රේලියානු පාපන්දු තරගයක් අතරතුර සිය මිණිබිරිය වඩාගෙන ඇයට හාදුවක් දෙන දසුන අගමැතිවරයා විසින්ම සමාජජාලයක් වෙත මුදාහැර තිබුණි.

කෙසේ වෙතත්, මෙම ඡායාරූපය ෆේස්බුක් අඩවියේ පළවී තිබුණේ තරගය අතරතුර වැඩ කිහිපයක් යනුවෙනි. නමුත්, ඔහු කුඩා බිළිඳිය අතින්ගෙන සිටි අවස්ථාවේදී ඔහු අනෙක් අතින් බියර් වීදුරුවක් රැගෙන සිටීම බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය.

වගකීමෙන් තොර හැසිරීමක් ලෙසද ඇතමුන් මෙය අර්ථ දක්වා තිබුණු අතර, පසුව අගමැතිවරයාගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමටද පිරිසක් අදහස් දක්වා තිබුණු බව කියැවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here