2015 ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන – සංගා කි‍්‍රකට් පතුරු අරී.

0
85

ශ්‍රී ලංකා සීමිත ඕවර තරග සඳහා 2015 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 44 දෙනෙකු යොදාගෙන තිබීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය අප්‍රසාදය පළකරයි. කුමාර් සංගක්කාර එම

 

අදහස් පළකළේ, බ්‍රහස්පතින්දා කොළඹදී පැවති ඩයලොග් ‘චේන්ජ් ෆෝරම්’ නම් වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන අදහස් දක්වමිනි.

යම් දුරකට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතුයි. වසරක වගේ කාලයක් ඇතුළත එක්දින තරග සඳහා ක්‍රීඩකයන් 44 දෙනෙකු වගේ ප්‍රමාණයක් යොදාගැනීම කරන්න බැහැ,” ඔහු පැවසීය.

කණ්ඩායමක සෙල්ලම් කරන්නේ 11 දෙනයි. මේක කණ්ඩායම් හතරක ක්‍රීඩකයන් ප්‍රමාණයක්.” මෙය අවාසනාවන්ත තත්වයක් බව පැවසූ කුමාර් සංගක්කාර, එවැනි අවිනිශ්චිත වටපිටාවක ක්‍රීඩා කිරීම අපහසු දෙයක් බව පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ව්‍යුහයේ ගැටළු පවතින බව පෙන්වාදුන් කුමාර් සංගක්කාර එමගින් දක්ෂයන්ගෙන් දක්ෂයන් ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිනොවන බවයි කියා සිටියේ.

මෙය තමන්ගේ පෞද්ගලික අදහස බව පවසන කුමාර් සංගක්කාර, තමන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බවත් සඳහන් කළේය.

මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව එක් දින තරග ක්ෂේත්‍රයේ දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව ප්‍රවීණ ක්‍රීඩා විචාරක ඩීන් ජෝන්ස් ද පසුගියදා පෙන්වාදුන්නේය.

මේ ආකාරයෙන් දිගින් දිගටම එක්දින තරග පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව පවා අහිමිව යාමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස පළමු පෙළ ක්‍රිකට් තරගවල පූර්ණ ප්‍රතිශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි මේ අතර පෙන්වාදෙයි.

ඒ සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ පවා පූර්ණ සහාය පළ වූ නමුත් ‘ක්‍රීඩා සමාජ දේශපාලනය’ හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව ද සිදත් වෙත්තමුණි පසුගියදා පැවසීය.

ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

එහෙත් සිදත් වෙත්තමුණිට අවශ්‍ය වූයේ දිගටම ක්‍රිකට් පරිපාලනයේ රැඳී සිටීමට බව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here