මුස්ලිම් රටවලින් එන ගුවන්යානා සදහා එංගලන්තය දැමු තහනම ක්‍රියාත්මක යි.

0
305

මැද පෙරදිග කළාපයේ මුස්ලිම් රටවල් අටක පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්,ටැබ්ලට් පරිගණක හා ප්‍රමාණයෙන් විශාල ස්මාට් ජංගම දුරකතන ගෙන ඒම තහනම් කිරීමට එංගලන්තයද තීරණය කර ඇත.

ඇමෙරිකාව මෙම තහනම මුලින්ම පැන වු අතර එම නිවේදනයෙන් පසු එංගලන්තයද රටවල් හයකට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීය.

ඇමෙරිකාව පවසන්නේ ගුවන් යානා ඉලක්ක කරගෙන සිදු කරන ස්ලාමික ත්‍රස්තවාදී ක්‍රියා කාරකම් වැළැක්වීමට මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි.

බුද්ධි අංශ වාර්ථා අනුව මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තීරනය ගත් බවද ඇමෙරිකානු බළධාරිහු කියති.

මේ අනුව මැද පෙරදිග කළාපයේ ගුවන් සේවා නවයක් සදහා තහනම ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here