බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික අනුෂ්කාට ස්වර්ණ සම්මානය.

0
552

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික යුවතියක් වන අනුෂ්කා කශානි නානායක්කාර ලන්ඩන් නුවර පැවැති BAFTA 2017 සම්මාන උළෙලේ දී ඇය විසින් නිෂ්පාදනය කරන ලද ත්‍රිමාණ සජීවී කරන කෙටි චිත්‍රපට අංශයේ චිත්‍රපටයක් සදහා ප්‍රථම ස්ථානය ලබා ගැනිමින් ස්වර්ණ සම්මානය හිමි කර ගත්තා.

ඇය විසින් නිර්මාණය කර තිබුණේ A Love Story නම් කෙටි චිත්‍රපටයයි.

BAFTA සම්මාන උළෙලකදී සම්මානයක් හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද ඇය වේ.

BAFTA සම්මාන උළෙල බ්‍රිතාන්‍යයේ තියෙන ලොකුම සම්මාන උළෙලයි.

අකුරැස්සේ පදිංචි නැසීගිය ආර්. නානායක්කාර මහතා හා අමිතා නානායක්කාර මහත්මියගේ බාල දියණිය වන ඇය මාතර සුජාතා මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා බ්‍රිතාන්‍ය චිත්‍රපට හා රූපවාහිනී ආයතනයට සම්බන්ධ වී ප්‍රථම හා පශ්චාත් උපාධිය ද ලබාගෙන තිබෙනවා.

මේ එම චිත්‍රපටය වෙනුවෙන් ඇය සම්මානය දිනාගත් අවස්ථාව

මේ එම චිත්‍රපටය නිර්මාණය වූ අයුරු

 Image result for anushka kishani nanayakkara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here