පුනරුත්තාපනය වී නිදහස ලබා  ඇති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට අවශ්‍යනම් විදෙස්ගත වීමටද පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය කටයුතු යොදා ඇති බව වන්නි පුනරුත්තාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක කර්නල් එම්.ඒ.ආර්.හැමිඩෝන් මහතා පවසයි..

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු නිදහස් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී පුනරුත්තාපනය වී නිදහස ලැබූ සාමාජික පවුල් වෙතට ස්වයං රැකියා සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණද මහන මැෂින් ප්‍රධානයක්ද සිදු කෙරිණි.

12,000 කට අධික පිරිසක් මේ වන විටත් පුනරුත්තාපනය කොට සමාජගත කොට ඇති අතර මේ වන විට එම පිරිස් වෙතට කෘෂිකාර්මික, පෙදරේරු  ඇතුරු විවිධ සවයං රැකියා අවස්ථාද රාජ්‍ය හා රාජ්‍ය නොවන රැකියා අවස්ථාද ලබා දී ඇති බවට කර්නල් හැමිඩොන් මහතා උත්සව අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේය.

04 05 07

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here