බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙහ්ගන් මාකල් සමග පෙමින් වෙලී සිටීම පසුගිය
කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ අතර මේ දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් අතර විවාහ ගිවිස ගැනීම මේ සතියේ නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි. හෙට 28 වනදා එය නිවේදනය කරනු ඇති බවට ගාඩියන් පුවත්පත වාර්තා කර තිබේ.

33 හැවිරිදි හැරී විවාහ වන්නට යන ඇමරිකානු නිළිය ඔහුට වඩා අවුරුදු 3 කින් වැඩිමල් ය. 36 හැවිරිදි ඇය පෙර විවාහයකින් දික්කසාද වූ අයෙකි.
මේ දෙදෙන අතර විවාහය මේ දක්වා රාජකීය විවාහ සිදු කළ ආකාරයට වඩා වෙනස් මුහුණුවරක් ගනු ඇති බවට කටකතා පැතිර තිබේ. හැරී කුමරු හා මේගන් අඳින්නට යන මංගල විලාසිතාවන් පවා අලුත් මුහුණුවරක් ගනු ඇතැයිද කියැවේ.

 

Image result for prince harry engaged
Image result for prince harry engaged

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here