සුපිරි නළු අමිතාබ්ගේ දෙබිඩි ජීවිතේ.

0
80

බොලිවුඩයේ බිග් බී ගැන කටකතා පැතිරෙන්නේ මෑතක ඉඳන් නම් නෙවෙයි.

අමිතාබ් හා රේඛා අතර පැවැති පෙම් සබඳතාවත් බිග් බී නැත්නම් අමිතාබ් බච්චන් ගැන මහ ඉහළින් පැතිරුණු කතාවක්.

රේඛා හා අමිතාබ් අතර පැවැති පෙම් සබඳතාව නිසා අමිතාබ්ගෙත් ජයා බහාදුරිගෙත් විවාහ දිවිය කිහිප වරක්ම දෙදරා ගිය බව රහසක් නෙවෙයි. ඒත් මේ ගැන අලුත්ම ආරංචිය ලොවට හෙළි කළේ බච්චන් පවුලේ සමීපතමයකු හා ප්‍රකට දේශපාලන චරිතයක් වන අමර් සිං.

අමිතාබ් හා ජයා බහාදුරි යුවළ මේ ප්‍රශ්නය සඟවන්නට උත්සාහ කළත් මේ දෙදෙනා ඔවුන්ට අයිති සුපිරි මන්දිර වන ප්‍රතික්ෂා හා ප්ල්සාහි වෙන වෙනම කලක සිට ජීවත්වන බවද අමර් සිං පවසා තිබුණේ ඔහුගේ සමාජවාදී පක්‍ෂයේ මාධ්‍ය හමුවකදීයි.

ප්‍රසිද්ධියේ මේ යුවළ එකට පෙනී සිටියත් කලක සිට මොවුන් වෙනම නිවෙස්වල ජීවත්වන බව අමර් සිං පවසා තිබුණේ මෑතකදී බච්චන් පවුල සමඟ ඔහු විරසක වූ නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here