සින්දු කියල වන්දි ගෙවපු නවක තරුව.

0
57

ජනප්‍රිය ගායන ශිල්පී එම්.එස්. ප්‍රනාන්දුගේ ජනප්‍රිය ගීත ගායනා කිරීම නිසා ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ට වන්දි ගෙවීමට නවක ගායන ශිල්පී එම්.ජී. ධනුෂ්කට සිදුව තිබෙනවා.

අවසරයකින් තොරව ගායනා කොට මුදල් උපයා බුද්ධිමය දේපළ පනත යටතේ වැරදි සිදුකළේ යැයි එම්.ජී. ධනුෂ්කට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව පැමිණිලිකාර පාර්ශ්වයට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඉදිරියේදී එකඟව තිබෙනවා.

එහි වන්දිය ලබාගෙන නඩු කටයුත්ත අවසන් කිරීමට පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කළ එම්.එස්. ප්‍රනාන්දුගේ පුතුන් තිදෙනා වන ශාන්ත ප්‍රනාන්දු, සරත් ප්‍රනාන්දු හා සුසිල් ප්‍රනාන්දු යන අය එකඟතාවය පළ කරනු ලැබුවා.

ඒ අනුව වන්දි ගෙවීම සඳහා එම නඩුව ලබන මාර්තු 31 වැනිදා කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

උපුටාගැනීම -නෙත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here