Apple සමාගමේ ප්‍රධාන මූලස්ථානයේ ස්ටීව් ජොබ්ස් තියටර්හිදී එළැඹෙන සැප්තැම්බර් මස 12 වැනිදා නව අයිෆෝනය නිකුත් කිරීමට සූදානම් බව කියැවේ. නමුත් තවමත් වැඩ නිමැවෙමින් පවතින නිසා ඒ වෙනුවෙන් දෙවැනි සැලැස්මක්ද සූදානම් කර ඇති බව කියැවේ.

වසර 5කට පෙරාතුව 2012 වසරේ සැප්තැම්බර් 12 වැනිදා පැමිණි iPhone 5 උපාංගය දැඩි ලෙස තාක්ෂණයෙන් දියුණු වී iPhone 8 ලෙසින් පැමිණෙන්නට නියමිතව තිබේ. තවම එහි නම iPhone 8 යැයි නිශ්චිතව සඳහන් කර නැත. (iPhone X වීමටද ඉඩ ඇත.)

බෙසල්(තිරයේ ඉහළ සහ පහළින් ඇති කළු පැහැ තීරු) වෙනුවෙන් වෙන්වන කොටස ඉතා අවම කර, රැහැන් රහිතව චාජ් කළ හැකි ලෙසත්, හිමිකරුගේ මුහුණ ස්කෑන් කර හඳුනාගත හැකි ලෙසත් නව iPhone උපාංගය වෙළෙඳ පොළට නිකුත් වනු ඇත. මෙහි පසුපස ආවරණයට ඇළුමිනියම් ස්ථරයක් නොව වීදුරුවක් එක්වනු ඇත.

එදිනම දර්ශන ගුණාත්මක බව 4K වූ ඇපල් රූපවාහිනියක්ද  නිකුත් කිරීමට නියමිත බව පැවසේ. එසේම එදිනේදී LTE තාක්ෂණය සමගින් නිපදවෙන ඇපල් වොච්හි 3වැනි අදියර නිකුත් කෙරෙනු ඇත. පෙර සිදුවූඅයුරු සසඳා බලන කල නව iPhone උපාංගය එළැඹෙන සැප්තැම්බර් 20ට පෙර ඇනවුම් කිරීමේ හැකියාව ලබාදෙනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here