ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ මිලියන ගණනක්‌ වැයකර ඉන්දීය දුම්කොළ නිෂ්පාදක ව්‍යාපාරික රජිව් කුමාර් සිය පුත්‍රයා වූ රෝහන් කුමාර්ගේ විවාහ මංගල්‍යය ස්‌විස්‌ටර්ලන්තයේ සැන්ට්‌ මොරිස්‌ හි සුපිරි හෝටලයක පවත්වා ඇත.

පොන්ට්‍රෙසිනාහි ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම සුපිරි විවාහ මංගල්‍යයට 700 ක්‌ පමණ පිරිසකට ඇරයුම් කර තිබුණි. ඔවුන්ව ඉන්දියාවේ සිට ස්‌විස්‌ටර් ලන්තයට ගුවන් මගින් ගෙන්වා තිබේ. මෙම විවාහ මංගල උත්සවය සඳහා (දිනකට) යූරෝ 5000 ක්‌ අය කරන තුර්යවාදන කණ්‌ඩායමක්‌ද ගෙන්වා තිබූ බව අනාවරණය විය.

මේ හැර මංගල ශාලාව ආලෝකවත් කිරීමට දිනකට යුරෝ 25000 ක්‌ අය කරන විදුලි පහන් 25 ක්‌ද ගීත ගායනා කිරීමට පකිස්‌තාන් ගායක රහාත් පාතා අලි සහ ඉන්දීය රැප් ගායක බදාෂ්ටද ඇරයුම් කර තිබූ බව එම හෝටලයේ බලධාරීහු හෙළි කළහ.

මෙම සුපිරි විවෘත මංගල උත්සවයට පැමිණි ප්‍රභූවරුන් කවුදැයි හෙළි වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here