ෂැං‍ග්‍රිලා කොළඹ හෝටලය 16 දා විවෘත වෙයි.

0
25

ආසියා-පැසිපික් කලාපයේ ප්‍රමුඛ සංචාරක කලාපයක් වන ගාලුමුවදොර ඉදි කර ඇති නවතම සුපිරි තරු හෝටලයක් වන ෂැං‍ග්‍රිලා හෝටලය විවෘත කිරීමේ උත්සවය එළබෙන නොවැම්බර් මස 16 වන දින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම සුපිරි හෝටලය කාමර 500කින් සමන්විත ය. කොළඹ නගරයෙහි ඇති කාමර 500ක් ඇති සුවිසල් හෝටලය බවට මේ අනුව ෂැං‍ග්‍රිලා පත්වෙයි. කොළඔ නගරයේ පවතින විශාලතම පිහිනුම් තටාකය ද මෙම හෝට‍ලයෙහි නිර්මාණය කර ඇත. මෙය විවිධ උත්සව අවස්ථාවන් සඳහා වෙන් කර ගැනීමට ද, මෙම හෝටලයෙහි අමුත්තන් 2000 කට ආසන්න ප්‍රමාණයකට අවශ්‍ය ඉඩකඩ ති‍බේ. ෂැං‍ග්‍රිලා හෝටල් ජාලය මඟින් මෙරට ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් උදා වන අතර, එමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයන්ට අන්තර්ජාතික තලයේ පුහුණුව, ඉහළ වැටුප් හා අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.

මෙම හෝටලයෙහි සුඛෝපභෝගීව නිම කරන ලද ශරීර සම්භාහන මධ්‍යස්ථානයක් , මෙන් ම එහි දී පැය 24 කාලයක් පුරා පැමි‍ණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ශරීර සෞඛය සුරක්ෂිත කර අදාළ ශරීර සම්භාහන ප්‍රතිකර්මයන් ද සිදු කිරීමට නියමිත ය.

ලොව ඕනෑම රටක වෙසෙන සංචාරකයින්ව අමුත්තන් වශයෙන් හදවතින්ම පිළිගෙන හෘදයංගමව සත්කාර සම්මාන පිරිනැමීම ෂැං‍ග්‍රිලා සත්කාරක සම්ප්‍රදාය වේ.ෂැංන්ග්‍රිලා සම්ප්‍රදායන් රැකගනිමින් සැබෑ ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරක අත්දැකීම් ලබා දීමට ද ෂැංග්‍රිලා හෝටලයේ කාර්ය මණ්ඩලය සුදානම් වී සිටින්නේ ය.

Image result for shangri la colombo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here