විසි හත් වසරකට පසු බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්.

0
433

බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග විවාහ වී, ඔහු සමග විසි හත් වසරක් බ්‍රිතාන්‍යය තුළ දිවි ගෙවූ කාන්තාවක් සිංගප්පූරුවට පිටුවහල් කර තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ වාසය කළ අයිරීන් ක්ලේනල් නම් එම කාන්තාවගේ පුතුන් දෙදෙනා සහ මිනිබිරියක ද බ්‍රිතාන්‍යයේ වාසය කරති.

ඇය සිය සැමියා සමග වාසය කළ ඊශාන දිග එංගලන්තයේ සිය නිවසේදී ඇය අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය බලධාරීහු ඉන් අනතුරුව ඇය රැඳවුම් මධ්‍යස්ථානයකට රඳවා තැබූහ.

බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග විවාහවීමෙන් අනතුරුව අයිරීන් ක්ලේනල් ට බ්‍රිතාන්‍යයේ ස්ථිරව වාසය කිරීමට අවසරය ලැබුණි.

එහෙත් සිය වයෝවෘද්ධ දෙමාපියන් රැක බලාගැනීම සඳහා වරින්වර සිංගප්පූරුවේ සංචාරය කරමින් දිගු කලක් එහි රැඳී සිටීම හේතුවෙන් ඇයගේ නේවාසික වීසා බලපත්‍රය අවලංගු වී ඇති බව විශ්වාස කෙරේ.

බ්‍රිතාන්‍යය තුළ දිගටම රැඳී සිටීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමට කිහිප අවස්ථාවකදීම උත්සාහ කළ බවත් අයිරීන් ක්ලේනල් පවසයි.

බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ අයිතිය සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයාගේ අයදුම්පත් වෙන වෙනම සලකා බලන බව පවසන බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, කිසිවකුට නීත්‍යානුකූලව රටේ රැඳී සිටීමට අවසර නැති නම් ඔහු හෝ ඇය රටින් පිටව යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here