විලාසිතා නවත්වන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉල්ලීමක්.

0
31

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් හිසකෙස් වර්ණවත් කිරීම හා කරාබු පැලඳීම  යන විලාසිතාවන්ගෙන් තොරවිය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම බලධාරියෙකු ඉල්ලීමක් කර ඇතැයි ‘අද’ ට වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කළේ ක්‍රිකට් ලොක්කෙකු විසින් මෙම තීරණය ක්‍රීඩකයන්ට දන්වනලෙස පවසා ඇති බවයි. එමෙන්ම ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකුට හා එක් වේගපන්දු යවන්නෙකුට සිය හිසකෙස් වර්ණවත් කිරීම යළිත් යථා තත්ත්වයට පත්කරගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇතැයිද අනාවරණය වේ.

කෙසේ වෙතත් මෙය නියෝගයක් නොව හුදෙක් ක්‍රීඩකයන්ගේ විනය හා සදාචාරාත්මක පසුබිම වර්ධනය කිරීම සඳහා කළ ඉල්ලීමක් බවද වැඩිදුරටත් හෙළිවේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here