විමල් උපවාසයක් අරඹයි.

0
20

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද (22) උදෑසන සිට ආහාර වර්ජනය කරමින් සිය සිරමැදිරිය තුළ උපවාසයක් ආරම්භ කර ඇත.

ඇප ලබා දිමකින් තොරව දින 73ක් තමන්ව බන්ධනාගාරගත කර තැබිමට විරෝධය දැක්විමක් වශයෙන් ඒ මහතා මෙම උපවාසය ආරම්භ කර ඇති බව කොළඹ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයාට දැනුම් දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසිය.

පාර්ලිමේන්තුව පැවැත්වෙන මේ සතිය තුල ඒ මහතාට පාර්ලිමේන්තු යාමට අවශ්‍ය පහසුකම් සහ ‍පොලිස් ආරක්ෂාව සපයා ඇතත් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට නොයන බවද විමල් විරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාර අධිකරිවරයාට දැනුම් දී ඇතැයි උපුල්දෙණිය මහතා සදහන් කළේය.

බන්ධනාගාර වෛද්‍ය නිලධාරිවරයාවරයා විසින් විමල් විරවංශ මහතා නිරන්තරයෙන් අධීක්ෂණය කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් ක‍ලේය.

රජයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඇප ඉල්ලා මහෙස්ත්‍රාත් අධිකරණයට හා මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

 

 

 

 

 

 

රන්මලී සෝමසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here