විදේශ ඇමැති මංගල අද එංගලන්තේ යයි.

0
27

බ්‍රිතාන්‍යයේ දින 5ක නිල සංචාරයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  සඳුදා (9)  දිවයිනෙන්  පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මංගල සමරවීර  මෙම සංචාරයේදී බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද ලේකම් බොරිස් ජොන්සන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here