වැලන්ටයින් වලට රතු රෝස ගෙන්වූ ප්‍රබල ඇමති කවුද ?

0
68

නිතී විරෝධි ලෙස මෙරටට ගෙන්වූ අමු රෝස මල් කිලෝ 53 ක් , කටුනායක ගුවන්තොටුපළ ශාඛ නිරෝධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන්දියාවෙන් නිතී විරෝධි ලෙස මෙරට ගෙන්වා ඇති එම රතු රෝස මල් තොගය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ උවමනාව මත මෙරටට ගෙන්වා ඇත්තේ පෙබරවාරි 14 වනදාට යෙදෙන වැලන්ටයින් දිනය වෙනුවෙනි.

කෝට්ටේ බැද්දගාන පාර ලිපිනයක් සදහන් කරමින් ද්‍රවිඩ ව්‍යාපාරකයෙකුගේ නමට , අදාළ මල් තොගය UL 124 දරන ගුවන් යානයෙන් මෙරටට ගෙන්වා ඇත්තේ ,පසුගිය 08 වනදායි.

නිතී විරෝධි ලෙස මෙම මල් තොගය ගෙනවිත් ඇති නිසා , මල් තොගය රේගුව භාරයට ගෙන තිබෙනවා .පසුව මල් තොගය ලබා ගැනීමට ද්‍රවිඩ ජාතිකයා එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු පවසා ඇත්තේ රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අවශ්‍යතාවයක් මත මේ මල් තොගය රැගෙන ආ බවයි .ඒ අවස්ථාවේදීම ද්‍රවිඩ ජාතිකයා විසින් අදාළ අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මේ පිළිබද දැනුම්දීමක්ද කර ඇත .

නමුත් රෝස මල් තොගය කටුනායක ගුවන්තොටුපලේ ශාඛ නිරෝදන ඒකකය විසින් රදවා තබා ගෙන ඇත .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here