ලෝකයේ බලවත්ම පුද්ගලයා ….

0
58

ලෝකයේ ජීවත් වෙන අය අතර එක එක පැතිවලින් ඉදිරියට ගිය අය ඉන්නවා. 2017 අවුරුද්දේ පෙබරවාරි මාසෙ අවසානය වෙද්දී මේ බලවතුන් ලැයිස්තුගත කරන්න ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාවට පුළුවන් වුණා. ඒ අනුව ලෝකයේ බලවත්ම පුද්ගලයන් 10 දෙනා විදියට හඳුන්වන අය තමයි මේ ඉන්නේ.
ලෝකයේ බලවතා ඇමෙරිකානු ජනාධිපති කියලා හිතුවට හැම තිස්සේම එහෙම නැහැ. පහුගිය අවුරුද්දේ ලෝකයේ බලවතා වුණේ හිටපු ඇමෙරිකානු ජනපතිවරයා වුණු බැරැක් ඔබාමා වුණාට මේ වෙද්දී ලෝකයේ බලවතා බවට පත්වෙලා ඉන්නේ රුසියානු ජනපති වුණු ව්ලැඩ්මීර් පුටින්. ඔහු 2000-2008 අවුරුදුවල පළමු වරට රුසියානු ජනපති බවට පත් වුණා. ඒ වගේම 2012 ඉඳලා මේ වෙනකන් රුසියානු  ජනපතිවරයා වෙන්නෙත් ඔහුයි. 1952 අවුරුද්දේ ඔක්තෝබර් 07 වෙනිදා ඉපදුනු පුටින්ට මේ වෙද්දී වයස අවුරුදු 64යි. වයස අවුරුදු 12දී ඔහු පාස‍ලේ හොඳම ජූඩෝ ක්‍රීඩකයා බවටත් පත්  වුණා. සෙන්ට් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තු පුටින් සෝවියට් සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය පටන් ගත්තා. 1983 අවුරුද්දේ ලුඩ්මිලා පුටීනා එක්ක විවාහ වුණු ඔහු දෙදරු පියෙක්. 2014 අවුරද්දේ පුටින් සහ පුටීනා දික්කසාද වුණා.

2. ඩොනල්ඩ් ට්‍රම්ප්
ලෝකයේ බලවත්ම පුද්ගල ලැයිස්තුවේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන්නේ දවෛනි තැන. යමක් කමක් තියෙන පවුලක ඉපදුණු ට්‍රම්ප් තරුණ කා‍ලේ ඇමෙරිකානු හමුදාවේ සොල්දාදුවෙක් විදියටත් සේවය කළා. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාවට උපාධියක් ලබා ගත්තු ඔහු ‘ට්‍රම්ප් පදනම’ හරහා ඉතාම විශාල සමාජ සේවයකට දායක වුණා. ඔහු ව්‍යාපාරිකයෙක් විදියටත්, රූපවාහිනී නිවේදකයෙක් විදියටත් මාධ්‍ය හිමිකරුවෙක් විදියටත් ප්‍රසිද්ධියට පත් වුණේ දේශපාලනයට එන්න ගොඩක් කාලෙකට කලින්. ඒ වගේම ඔහු ඇමෙරිකාවේ ඉන්න ධනවත්ම පුද්ගලයන් 50 දෙනා අතරින් කෙනෙක්ද වෙනවා. 1946 වසරේ ජුනි 14 උපන් ඔහුට මේ වෙද්දී වයස අවුරුදු 70ක්. තුන් වතාවක් විවාහ වුණු ට්‍රම්ප් දරුවන් පස් දෙනකුගේ පියෙක්ද වෙනවා.

3. ඇන්ජලා මාකල්
ලෝක බලවතුන් ලැයිස්තුවේ ඉන්න පළමු කාන්තාව තමයි ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මාකල්, 1954 ජූලි 14 උපන් ඇගේ වයස අවුරුදු 62ක්. 2005 නොවැම්බර් මාසේ ඉඳලා අද වෙනකන්ම ජර්මානු චාන්සලර් ධුරය හොබවන්නේ ඇයයි. ලිප්සිග් විශ්වවිද්‍යාලයේ ගණිතය සහ භෞතික විද්‍යාව හැදෑරූ ඇය ඉන් පිට වුණේ භෞතික විද්‍යාඥවරියක් විදියට. නමුත් දේශපාලන ජීවිතය නිසා ඇයට විද්‍යාත්මක පර්යේෂණවල නියැළෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. 1977දී උල්රිච් මාකල් එක්ක විවාහ වුණු ඇය 1982 දික්කසාද වුණා. නමුත් ඔහුට කරන ගරු කිරීමක් විදියට ඔහුගේ වාසගම ඇය දිගටම පාවිච්චි කරන්න හිතාගත්තා. 1988 වසරේ ඇය විවාහ වුණේ ජෝචිම් නම් වූ ක්වොන්ටම් විද්‍යාඥයා එක්ක. දරුවන් නැතත් ඇය බොහොම කරුණාවන්ත කාන්තාවක් විදියට ප්‍රසිද්ධියක් උසුලනවා.

4. ෂී ජින් පින්
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ධුරය හොබවන ෂී ජින් පින් මේ ලැයිස්තුවේ හතර වැනියා.

5. ෆ්‍රන්සින් පාප් වහන්සේ
රෝමානු කතෝලික පල්ලියේ 266 වන සහ වත්මන් පාප්තුමා තමයි ලෝකයේ පස්වෙනි බලවත්ම පුද්ගලයා.

6. ජැනට් යේලන්
ඇමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥවරියක වන ඇය තමයි ලොව 6 වැනි බලවත්ම පුද්ගලයා.

7. බිල් ගේට්ස්
ලෝකයේ ධනවත්ම පුද්ගලයා වුණාට බලවත්ම පුද්ගල ලැයිස්තුවේ ඔහුට ලැබිලා තියෙන්නේ 7 වැනි තැන.

8. ලැරී පේජ්
ගූගල් සමාගමේ සම අධ්‍යක්ෂවරයෙක් වන ඔහු ලොව 8 වන බලවතා වී තිබෙනවා.

9. නරේන්ද්‍ර මෝදි
ඉන්දියානු අගමැති වුණු මෝදි තමයි 9 වැනි ලොව බලවත්ම පුද්ගලයා වෙන්නේ.

10. මාක් සකර්බර්ග්
අපිට ෆේස්බුක් එක හදලා දුන්නු මාක්ට ලෝකයේ 10 වැනි බලවතා වෙන්න පුළුවන් වෙලා තියෙනවා

 

 

 

 

දුලංජලී මුතුවාඩිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here