මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ, ගුජරාටි ප‍්‍රාන්තයේ නර්මදා නදිය හරස් කර ඉදිකරන ලද සර්දාර් සරෝවර් වේල්ල එරට අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා විසින්  (17) විවෘත කරනු ලැබීය.

ලෝකයේ දෙවැනි විශාලතම වේල්ල ලෙස සැලකෙන මෙහි දිග කිලෝමීටර් 1යි දශම 02ක් පමණ වන අතර එහි ගැඹුර මීටර් 163කි.

මෙම වේල්ල මගින් සැපයෙන වාරිමාර්ග හා විදුලිබල පහසුකම් ගුජරාටි, මධ්‍ය ප‍්‍රදේශ්, මහාරාෂ්ට‍්‍ර හා රාජස්ථාන් ප‍්‍රාන්ත 04කට ලැබීමට නියමිතය.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරෙන්ද‍්‍ර මෝදි මහතාගේ අදට යෙදී තිබෙන 67 වැනි ඡන්ම දිනයට සමගාමීව මෙම විවෘත කිරීම සිදුවිය.සර්දාර් සරෝවර් වේල්ල ඉදිකිරීම සඳහා 1961 වසරේ අපේ‍්‍රල් 05 වැනිදා එරට ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ජවහල් ලාල් නේරු විසින් මුල්ගල තබා ඇති අතර පසුගිය වසර ගණනාවක් තිස්සේ පාරිසරික සංවිධානවල මැදිහත්වීම මත විවිධ ගැටළු නිසා එහි ඉදිකිරීම් කටයුතු ප‍්‍රමාද විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here