ලොව පළමු වතාවට පිළිකාව නිට්ටාවටම සුව කරන බෙහෙතක් ලාංකික වෛද්‍යවරයෙක් සොයා ගනී.

0
60

පිළිකාව කියන වචනය ඇහෙද්දී හිතට දැනෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ … මේ තරම් දියුණු තාක්ෂණයක් සහිත ලෝකය තවමත් පිළිකාව නිට්ටාවට සුවකරන ඖශධයක් සොයා යමින් තියෙනවා. මහා කාර්මික, ධනවත්, තාක්ෂණයෙන් අනූන රටවල් පවා මේ සඳහා පිළියම් සොයමින් ඉන්නේ. එහෙත් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා හැරෙන්නට ප්‍රත්‍යක්ෂ ඖශධයක් සොයාගන්නට ඔවුන් අපොහොසත් වෙලා.
කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයෙක් පිළිකා නාශක ඖශධයක් ගැන වසර ගණනක පරීක්ෂණයෙන් පසුව මුල්වරට සාර්ථක ප්‍රතිපල පෙන්වා තියෙනවා. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.

පිළිකා සෛල මර්ධනය කිරිමේ හැකියාව කරවිල ඇට සතුව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

කරවිල ඇට යොදා ගනිමින් කරන ලද මෙම පර්යේෂණයේදී කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් (steric fatty acid) නැමැති රසායනය මඟින් පිළිකා සෛල විනාශ කර පිළිකා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම අඩාල කළ හැකි බව අනාවරණය වුණු බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

මෙම පර්යේෂණය සඳහා වසරක පමණ කාලයක් ගත වී ඇති අතර එය ආරම්භයේදී විවිධ සතුන් යොදා ගනිමින් සිදු කර ඇත.
මේ සඳහා කෘමිනාශක නොයෙදූ කරවිලවලින් ලබා ගත් බීජ භාවිතා කර ඇති අතර ඒවා උපයෝගි කරගනිමින් නිපදවූ කැප්සියුලය මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබා දීම සිදුකරයි.

එය මේ වන විට සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී මෙම නව හඳුන්වාදීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

රසායනික ද‍්‍රව්‍ය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රූම් එකක මිල රුපියල් 6000- 8000 අතර වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ අවශ්‍ය වූවත් රෝගීන්ට නොමිලේ මෙම ප‍්‍රතිකාරය ලබා දෙන බව මහාචාර්යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මෙම ප‍්‍රතිකාරය දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන බවද පරීක්ෂණවලින් අනාවරණය වුණු බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් ලාංකීකයන් හැටියට සාඩම්බර වියහැකි මෙවැනි පුද්ගලයන් රටේ සම්පතකි. මේ ගැන තව දුරටත් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය ආධාර, පහසුකම් වගකිවයුත්තන් විසින් සලසා දී ලොවටම පිළිකාවක් වූ “පිළිකාව” තුරන් කිරීමට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට මග සලසනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

උපුටා ගැනීම lankarahas.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here