ශ්‍රී ලාංකිකයන් එතරම් අසා හුරු පුරුදු නැති වුවත් ලොව ඉහළම ධන කුවේරයන් භාවිත කරනා එම රථය ප්‍රකට බෙන්ට්ලි වෙළෙඳ නාමය යටතේ නිපද වූ බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් වර්ගයේ එකකි.
ලංකාවේ අපට හුරු නැති වුවද බෙන්ට්ලි යනු ලොව ප්‍රකට මෝටර් රථ නිපදවන සමාගමකි. 1919දී එංගලන්තයේ w.o. බෙන්ට්ලි නම් අයකු විසින් ආරම්භ කරන ලද බෙන්ට්ලි සමාගම Bently speed six, Bently 08 littre, Bently mark vi වැනි ජනප්‍රිය රථ මාදිලි ගණනාවක් නිෂ්පාදනය  කළේය. පසුකාලීනව එහි නෛතික අයිතිය වෙනස් වූ අතර 1931දී බෙන්ට්ලි සමාගම රෝල්ස් රෝයිස් සමාගම විසින්ද පසුකාලීනව වොක්ස්වැගන් සමාගම විසින්ද මිලට ගන්නා ලදී. මේ වන විට සීමිත සේවක පිරිසක් සහිතව ජර්මනියේ Dresden කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන බෙන්ට්ලි රථ එහි අනන්‍ය බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී නිමාව අඛණ්ඩව රැකගෙන යයි.
සිය නිෂ්පාදන සහායකයා ලෙස එච්.ජේ. මුලිනර් සමාගම සමග එක්වූ බෙන්ට්ලි සමාගම බෙන්ට්ලි මුල්සාන් අධි සුඛෝපභෝගී රථ මාලාව ලොවට හඳුන්වා දුන්නේ 1980 පමණය. බෙන්ට්ලි මුල්සාන් නම් පළමු රථ මාදිලිය  1992 පමණ වන තුරු නිපදවන ලද අතර මෙම රථ ඉතා සීමිත ප්‍රමාණයක් පමණක්
නිෂ්පාදනය වීම විශේෂත්වයකි. පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ බෙන්ට්ලි මුල්සාන්
හෝල්මාර්ක් නම් මාදිලියට අයත් රථයකි. මේ රථය මෙන්ම එය ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයාද
සුවිශේෂී කෙනෙකි. ඔහු ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙස සලකන ධම්මික පෙරේරාය.
මේ වනවිට සම්පත් බැංකුව, වැලිබල් ෆිනෑන්ස්, එල්.බි. ෆිනෑන්ස්, පෑන් ඒෂියා බැංකුව ඇතුළු  ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ගණනාවක වැඩි හිමිකාරීත්වය දරන ධම්මික පෙරේරා පිඟන් ගඩොල් (ටයිල්) ව්‍යාපාරයේ වැඩිම වෙළෙඳ නාම ගණනක අයිතියද සතු කරගෙන සිටියි. ඊට අමතරව ඩෙල්මේජ්, හේලීස් යනාදී ප්‍රකට ව්‍යාපාරවලද වැඩි කොටස් ප්‍රමාණයක හිමිකාරීත්වය දරන ඔහු මෑතකදී සිංගර් ශ්‍රී ලංකා සන්නාමයෙහිද වැඩි අයිතිය හිමිකර ගන්නා ලදී.
කලක් ප්‍රවාහන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඔහු අද වනවිට ශ්‍රී ලංකාවේ අංක එකේ ධන කුවේරයා බවට පත්ව ඇත.
ඔහු විසින් ආනයනය කළ මෙම බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයේ වටිනාකම රුපියල්වලින් කියන්නේ නම්, මිලියන 160කි. එනම් කෝටි 16කි. ලෝකයේ දැනට ඇති අධි සුඛෝපභෝගීතම මෝටර් රථ අතර මුලින්ම කියවෙන මෙම මෝටර් රථ මාදිලියෙන් නිපදවා ඇත්තේ රථ පනහකි. එලෙස නිපදවූ රථ පනහෙන් 49ක් අලෙවි වී ඇති අතර ධම්මික පෙරේරා විසින් මිලට ගෙන ඇත්තේ 50 වෙනි හෙවත් අවසන් රථයයි.
මෙම වර්ගයේ රථ දකුණු ආසියා කලාපයේ දක්නට නොලැබුණ අතර සමස්ත ආසියාවටම තිබුණේ රථ තුනක් බව කියවේ. එම රථ තුනම තිබුණේ චීනයේය. ඒ අනුව ඉන්දියාවේ මුකේෂ් අම්බානි වැනි ඉන්දීය කෝටිපතියන් සතුව හෝ මෙම රථයක් නොමැතිවීම විශේෂත්වයකි.  ඒත් දැන් ඉන් එකක් ලාංකිකයකු සතුය.
බෙන්ට්ලි සමාගමේ බොහෝ රථ මෙන් මෙම රථයද මුළුමනින්ම හස්ත නිෂ්පාදනයකි. එමෙන්ම නිපදවූ රථ පනහම එකිනෙකට වෙනස් වීම අනෙක් විශේෂත්වයයි. ඒ අනුව ලෝකයේ කුමන ධනවතෙකුටවත් කොතරම් මිලක් ගෙවූවත් එක සමාන රථ දෙකක් මිලට ගත නොහැක. මෙය බෙන්ට්ලි රථවල ඉහළ වටිනාකම තබා ගැනීමට
නිෂ්පාදකයෝ කරනා සුවිශේෂී ප්‍රයෝගයකි.
බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් රථයේ බඳ සෑදීමේදී ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිත කරන සුවිශේෂී ලෝහ යොදා සාදා ඇති අතර රථයේ බාහිර ආ‍ලේපන සඳහා රන් රිදී පවා යොදා ගෙන ඇත. මෙම රථ පනහේ සෑම අඟලක්ම මිනිස් අතින් නිමාවී තිබෙන බව නිෂ්පාදකයෝ සහතික කරති.
ධම්මික පෙරේරා ගෙන්වූ රථය ‍පෝසි‍ලේන් සුදු සහ නිල් වර්ණයෙන් යුතුය. මෙහි එන්ජින් ධාරිතාව 6752ජජ (4000RPM) වන අතර පැයට සැතපුම් 184ක (296km) වේගයෙන් ධාවනය කළ හැක. ඉන්ධන දහනය EU6/LEVII ප්‍රමිතියෙන් ඇති මෙහි ආසන කිහිප ආකාරයෙන් සැකසිය හැක.
මෙම රථයේ වටිනාකම රුපියල් මිලියන 84ක් වන අතර ආනයන බද්ද රු. මිලියන 76ක් වන බවද වාර්තා වෙයි. මෙවැනි රථයකට රක්ෂණාවරණය ලබා දීමේදී රක්ෂණ ආයතන දෙකක් එක්ව එය සිදු කරන බවත් එබැවින් ඒ සඳහා වන නිශ්චිත අයකිරීම් එක් වරම පැවැසීම අපහසු බවත් රක්ෂණායතන නියෝජිතයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
Image result for dhammika perera new car
Image result for dhammika perera new car
Image result for dhammika perera new car
Image result for dhammika perera new car
Image result for dhammika perera new car
Image result for dhammika perera new car

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here