හැත්තෑ හය හැවිරිදි මවට අමානුෂික ලෙස පහරදෙන විශ්‍රාමික හමුදා කෝප්‍රල් පුතාට විරුද්ධව මවගෙන් ක¹න පොලිස්‌ ස්‌ථානයට ඊයේ (27 දා) උදැසන පැමිණිල්ලක්‌ ලැබී ඇතැයි ක¹න පොලිසිය කියයි.

ශාන්ත සෙබස්‌තියන් මාවත, කඳාන පදිංචි ඇල්. ඇලිස්‌ සිල්වා (76) නමැති මව විසින් කඳාන පොලිස්‌ ස්‌ථානයට යොමුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන පරිදි විවාහයෙන් වෙන්වූ තම එකම පුතා සමඟ ඇය ජීවත් වන බවත් (27 දා) උදැසන රෙදි සෝදන්න බෑ කියූ විට තම පුතා පොල්ලකින් තමාගේ ඇඟිලි තැලූ බවත් සඳහන් වේ. මීට පෙර ද ගහක බැඳ තමාට පහරදී තිබූ බව ද සඳහන් වේ.

ඇඟිලිවල තුවාල සහිතවම සිටි ඇය ප්‍රදේශවාසීන් විසින් ක¹න පොලිස්‌ ස්‌ථානයට රැගෙන ගොස්‌ පැමිණිල්ලක්‌ දමා ඇයට ප්‍රතිකාර ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here