ලාංකීය සම්භවයක් හිමි රනිල් ජයවර්ධන මහතා දෙවැනි වරටත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඊයේ සුදුසුකම් ලැබුවා. ඒ ඊසාන දිග ඇම්ෂයර් ප‍්‍රාන්ත නියෝජනය කරන මන්ත‍්‍රීවරයා ලෙසයි. රනිල් ජයවර්ධන මහතා කොන්සවේටිව් පක්ෂය නියෝජනය කරමින් මෙවර ඊසාන දිග ඇම්ෂයර් ප‍්‍රාන්තය සඳහා තරග වැදුණා. එහිදී රනිල් ජයවර්ධන මහතා ඡන්ද 37,754 ක් ලබාගනිමින් ජයග‍්‍රහණය කර තිබෙනවා. ඔහුගේ ප‍්‍රතිවාදියා වූ කම්කරු පක්ෂයේ බැරී ජෝන්ස්ට ලබාගත හැකිව තිබෙන්නේ ඡුන්ද 9982 ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 27,772 ක් ලබාගනිමින් රනිල් ජයවර්ධන මහතා දෙවැනි වරටත් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් දිනාගත්තා. ජයවර්ධන මහතා ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය 65.5% ක් වනවා. රනිල් මැල්කම් ජයවර්ධන මහතා 1986 සැප්තැම්බර් මස 3 වැනිදා උපත ලද අතර ඔහුගේ පියා ලාංකිකයෙකු වනවා. ආර්ථික විද්‍යාව පිළිබඳව ලන්ඩන් පාසලේ උපාධිධාරියෙකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රමුඛ බැංකුවක ජේ්‍ෂ්ඨ කළමනාකරුවෙකු ලෙස ද ක‍්‍රියාකර තිබෙනවා.

30 වැනි වියේ පසුවන ජයවර්ධන මහතා මුල්වරට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2015 වසරේ. 30 වැනි වියේ පසුවන ජයවර්ධන මහතා මුල්වරට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2015 වසරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here