මීතොටමුල්ලට දුන් මිනීපෙට්ටියෙනුත් ආණ්ඩුවේ නිළධාරීන් ගසාකයි.

0
18

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මිය ගිය පුද්ගලයන්ගේ දේහය බහා තැබීමට රජයෙන් ලබාදී ඇති මිනීපෙට්ටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතුව ඇති බව ,මීතොටමුල්ල ප්‍රදේශවාසින් පවසනවා .අදාළ මිනීපෙට්ටි රෙදි පටිවලින් බැද ඇති අතර මළ සිරුරු තැන්පත් කල එම මිනී පෙට්ටි වල ලී පුද්ගල සිරුරු ආදාහනය කරන්නටත් පෙර ගැළවී යන ආකාරයක් දක්නට ලැබුණි.

ප්‍රදේශවාසින් දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ ආණ්ඩුවේ ඇතැම් පිරිස් මිනී පෙට්ටි වලිනුත් ගසා කා ඇති බවයි.

අදාළ මළ සිරුරු එම්බාම් කර නොමැතිකම හේතුවෙන් නරක්වී ඇති බවත් මළ සිරුරු පොලිතීන් කවරයක බහා ආදාහන කටයුතු සදහා එවා ඇති බවටද එම ජනතාව චෝදනා කරනවා. එම මිනී පෙට්ටි රු .1500 ක් පමණ වන බවත් මෙය බලවත් අසාධාරණයක් බවයි එම ජනතාව දිගින් දිගටම කියා සිටියේ.

මීතොටමුල්ල මහා ඛේදවාචකයෙන් විපතට පත් ජනතාවට වන්දි මුදල් ලබා දෙන බවට රජය ප්‍රකාශ කලද විපතින් මිය ගිය පිරිසෙහි ආදාහන කටයුතු ගෞරවාන්විත ලෙස සිදු කිරීමට නොහැකි රජයක් ගැන තවදුරටත් විශ්වාස කල නොහැකි බව එම ජනතාව කියා සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here