මැතිව්ස් ගෙදර එයි…. හේතුව පුද්ගලිකයි

0
72

දකුණු අප්‍රිකාවේ සිට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවට පැමිණෙන්නෙ ඊයේ (22දා) පැවැති තරගයේදි ඔහු ආබාධයකට ලක්ව සිටි බවට වාර්තා වුවත් ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පුද්ගලික හේතුවකට බව ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මැතිව්ස් ඒ සඳහා අවශ්‍ය අවසරය කලිං ඉල්ලා සිටි බවත් ඒ අනුව ඔහුට නිවාඩු සඳහා අනුමැතිය ලැබුණ බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මැතිව්ස් ශ්‍රී ලංකාවට පැමිණි හෙයින් 25දා පැවැත්වෙන තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවීමට නියමිතය. දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනයේදි තෝරා ගැනීමට නියමිතය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here