මාලදිවයිනේ හිටපු ජනාධිපති මහුමුත් අබ්දුල් ගයුම් මහතා එරට ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ජනපති අබ්දුල්ලා යමීන් දින 15 කට හදිසි නීතිය පනවා හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.

එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ද නිවාස අඩස්‌සියට පත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මාලදිවයින් දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ජනපති අබ්දුල්ලා යමීන් විසින් බැහැර කර තිබේ. මේ අතර ඇමරිකාව ප්‍රකාශ කර ඇත්තේ මාලදිවයින් ආණ්‌ඩුව නීතියට හිස නැමිය යුතු බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here