මදුමාධව… දකින රන්ජන්ගේ දේශපාලනය.

0
37

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ජාතික සංවිධායක මදුමාධව අරවින්ද මහතා මෙසේ අදහස් පල කලේය.

රන් ද? ගොන් ද? දේශපාලන ඇම්ඩන් ලා ගැන කතාවක්

අපි දකිනවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පැය 24 ම ඇරපු මාර්ග රෝහල් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ එහෙම මිනිස්සු වෙනුවෙන් පැය 24ම වැඩකරන දෙයක් ගැන නෙවෙයි. මේ ලෝකේම ඉන්නවා පැය 24ම රඟපාන නළුවෙක්. ඒ තමයි රන්ජන් රාමනායක. ලෝකයේ කිසිම නළුවෙක් නෑ පැය 24ම රඟපාන නමුත් ඔහු එය කරනවා. ඔහුම කියනවා මගේ කටට බ්‍රේක් නෑ කියලා. නමුත් තියෙන්නේ කටේ ප්‍රශ්නයක් නෙවෙයි. මොලේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා අපි වටහාගෙන හමාරයි. පොඩි දරුවෙකුටත් තේරේනවා.

හිටපු ආමත්‍ය මර්වින් සිල්වා මහතා, පාලිත තේවරප්පෙරුම මහතා රන්ජන් රාමනායක මහතා.ඕනෑම කෙනෙක්ට පේනවා මේ තිදෙනාගේ සමාන කම් තියෙනවා. කෙහේ හෝ වැරදිමකුත් තියෙනවා. යම්තාක් දුරට හොද මිනිස්සු වගෙත් පේනවා. නමුත් රටට ඔවුන් කරන ක්‍රියාවලීන් අතින් කිර්තීනාම හාදාගත්ත මිනිස්සුන්ට කරන හානීය වැඩියි තමන්ගේ බෝක්කු කටවල් වලින්. ඒ ඔවුන්ගේ කටේ වැරදි නෙවෙයි මනසේ වැරදි. එහෙම නැත්නම් මුල් ළමා කාලයේ ඇතිවුණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඇම්ඩලා දේශපාලනයට ආවාම ඔහොම දේවල් වෙනවා. මේකද මේ තුන්දෙනාම එක්තරා ජාතියක ඇම්ඩලා තුන් දෙනෙක්.

මේ දිනවල සක්‍රීය ඇම්ඩන් රන්ජන් රාමනායක අපේ නියෝජ්‍ය ඇමතිතුමා. එතුමාගේ පුද්ගලික ජිවිතය ගැන අපිට කතාවක් නෑ. නමුත් මේ රටේ කිසිම කෙනෙක් එතුමාට ගෙවල් හදන්න, විවාහ වෙන්න එපා කියලා කිව්වේ නෑ. එහෙනම් චිත්‍රපටිත් නොකර ඉන්න තිබුණනේ. එතුමා දන්නවා කරදර නැති ටික තෝරා ගෙන කරගෙන යන්නට පුළුවන් කියලා. කරගෙන යන්න බැරිදේවල් නොකලාට කමක් නෑ. නමුත් එහෙම මිනිසුන්ට ගැහැනුන්ට අපහාස කිරීම නම් වැරදියි. මිනිහෙක් ආයතනයක් තුල කිර්තිනාමයක් හදා ගන්න බොහොම ලෙස කබුරනවා. තමන්ගේ ජිවිතයේ බොහොමයක් දේවල් කැප කරනවා. ඔහු ඒවා නොකලාට එහෙම කරන අයගේ ගෞරවය කෙලසන්න ඉඩ දෙන්න බැහැ.

මට හිතෙන්නේ මොහු තැනකට ඇතුල්වෙන්නේම රැජිනිකාන් එම්.ජීව ඔළුවට අරගෙන හිතින් සංගීතයකුත් දීගෙන. එන්නේ බයිසිකල් හැඩල් එකක් ගිලලා වගේ. එක්කෝ හරියට අහලා එන්න ඕනේ දැනුම් තේරුම් ඇති අයගෙන්. වටේ ඉන්නෙත් යමක් කමක් දන්නේ නැති පිරිස්. ඔහු පිස්සුවෙන් වගේ එනවා මගක් දුරට ඔහුගේ ගමනත් හරි සමහර තැන් වල. නමුත් ඔහු දන්නේ නෑ ඇවිත් කරන්න ඕනේ මොනවාද කියලා. ඒක නිසා අපි කලාකරුවන් විදිහට ලැජ්ජාවට පත්වෙනවා. ලංකා ඉතිහාසයේ කලාකරුවෙක් දේශපානය කරලා මේ තරම් බැනුම් ඇහුවේ නෑ. මෙතරම් ලැජ්ජාවට පත්වුණේ නෑ. ගාමිණි ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙනිය, විජේකුමාරතුංග වගේ ගොඩක් අය දේශපාලනය කලා. විජේ කුමාරතුංග මහතාවත් චේගුවේරාවත් ඔහු කියන මාර්ටින් ලුතර් කින්වත් ඔහොම ගොන් පාට් දැම්මේ නෑ. ඔහු ඒ නම් කියමින් හිතනවා මමත් ඒ හා සමානයි කියලා. මම බය නෑ, බැදලා නෑ, ගෙවල් හදලා නෑ, අපිට ප්‍රශ්නයක් නෑ ඒක ඔබ දිගටම කරගෙන යන්න. නමුත් එහෙම කිර්තීනාමයක් හදා ගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කුඩු ගෙනාවායි කියලා මට මතකයි මාධ්‍යෙය්දී කිව්වා. ඒ ඡන්දය දිනනකන් විතරයි ඊට පස්සේ කතාවක් වත් නෑ. නිමල් ලාන්සා ඇමතිතුමාටත් මිගමුවේ දී මෙහෙම කිව්වා. චෝදනා කලා. මිගමුවේ ඡන්ද ටික වැටුනා ඊට පස්සේ මුකුත් කලාද? එතුමා කිර්තිනාමයක් හදා ගත්ත කෙනෙක් එතුමා ඇත්තටම කුඩු ගෙනාල්ලා තියෙනවා නම් ඒක ඔප්පු කරන්නත් ඕනේ. අපි කිව්වේ නෑනේ ගෙනාවා කියලා කිව්ව නම් ඔප්පු කරන්න. අද ඉන්නේ පුස් පැටියෙක් වගේ ඡන්ද කන්නද මේ ආවේ.

සේයා දුවගේ ප්‍රශ්නෙට ගියා ඇස් දෙකෙන් දැක්කා වගේ කිව්වා ඒ දරුවට ඒව කලා මේවා කරා. මට දරන්න බෑ පිස්සු වගේ කියලා. තනිකර රඟපෑමක් කලා. එතන මළ ගෙදර කතාවකුත් පැවැත්තුවා. ඒ ඡන්ද ටිකත් හරි. ඒකට සම්බන්ද නැති මිනිහෙක් පසුකාලීනව නිදහස් වෙලා එනවා. එතකොට පුස්පැටියා වගේ. මෙයාට ඡන්ද තමයි ප්‍රශ්නේ.

අපේ කේෂ්ත්‍රෙය් මේ අවුරුදු 50ක් ගිය කෙනෙක් ඇවිත් කියනවා රංගන ශිල්පිනියන් හොද අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා කියලා. ඕක අපි ඉගෙන ගත්තේ අටේ පන්තියේ දී විතර. ලෝකයේ හොද සහ නරක කියන දේ තියෙනවා ඒක අමුතුවෙන් මේ අවුරුදු 50ක් ගිය කෙනෙක් ඉගෙන ගන්න ඔන දෙයක් නෙවෙයි. තමන්ගේ කේෂ්ත්‍රෙය් තමන්ගේ කුලකය තමන් නියෝජනය කරන පරපුර තමන්ගේ නම කිර්තිනාමය වෙනුවෙන් නිලිමස් තියෙනවා කියලා කෑ ගැහුවා. තමන්ගේ ආත්මය මුදලට කිර්තීනාමයට පවා දෙන රංගන ශිල්පිනියන් ඉන්නවා. ඕනෑම කේෂ්ත්‍රයකඉන්න පුළුවන්. නම් කලේ නැති නිසා සමස්ත රංගන ශිල්පිනියන්ම අහුවෙනවා. එයාට ඔනේ එතන තමන්ගේ නම හදා ගන්න ගෞරවනීය ලෙස රංගනයේ යෙදුනු රංගන ශිල්පින් අපහසුතාවයට පත්වෙන එක ඔහුට ප්‍රශ්නයක් නෑ. පරික්ෂණයක් යන දෙයක් ගැන ඇසෙන් දැක්කා වගේ ප්‍රකාශ කරාම මාධ්‍යෙව්දියෙක් ප්‍රශ්න කලාම ඔහුගේ අතින් මිරිකලා මට රෙස්පෙක්ට් එක දිපන් කියලා කිව්වා. මේවට ඇයි මිනිස්සු නිශ්ෂබ්ද? හොරු අල්ලන්න ඔච්චරටම ආස නම් පොලීසියට බැදෙන්න. එහෙම නැතුව තමිල්නාඩුවේ දේවල් මෙහේ වෙන්නේ නෑ. මොකද භාෂා කියලා කියන කොට භාෂාට එන්න පිටපත ලියලා තියෙන්නේ. භාෂා දන්නවා එතෙන්ට ගිහිල්ලා කියන්න ඕනේ  මොනවද කියලා ඒ චිත්‍රපටයේ. නමුත් මේක පිස්සුවක්. හොරු අල්ලන්න ඕනේ නම් පොලිසියට බැදෙන්න. නමුත් වංචා දුෂණ හොයන්නේ ඔහොම නෙවෙයි කියන එක මතක් කරන්න ඕනේ.

මාධ්‍ය ගත්තමත් අපිට නැතුවම බැරි දෙයක් ගහට පොත්ත වගේ හිරු නාලිකාව පිළිබදවත් එලෙසම කිව්වා. කුඩු බෙදනවා කියලා එහෙනම් ඔප්පු කරන්න මොකද එතන වැඩ කරන අයගේ දරුවෝ ඉන්නවා ඒ අය අහන්න පුළුවන් තාත්තා වැඩ කරන්නේ එහෙම තැනකද කියලා. මම හිරු නාලිකාවෙන් ඉල්ලීමක් කරනවා ඊළග සම්මාන උළලේදී  ජනප්‍රියතම නළුවාගේ නෙවෙයි පැය 24ම රඟපාන නළුවාගේ සම්මානය දෙන්න.

ඔහු ආඩම්බරයෙන් නිලිමස් කියලා තමන්ගේ කිර්තීනාමය රැක ගත්තේ නැති රංගන ශිල්පිනියන් ගැන පාර්ලිමේන්තුවේ කියනවා. නමුත් එවැනි අය හමු උනාම හොම්බට අනින්න යන්නේ නැ ඔහු. ඒ වෙනුවට හොම්බට හොම්බ තියන් ඉන්නවා එහෙම නිලියන්ගේ . අපි සමාජ ජාලවලින් දැක්කා.  එතකොට නිලිමස් ප්‍රශ්නයක් නෑ ඔහු සුන්දරයා සමනලයා. එතකොට රන් අපිට ගොන්. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ සිද්දියෙන් සිද්දිය ඔබ කලාකරුවෙක් විදිහට හදා ගත්ත කිර්තිනාමය දියවෙනවා කියලා.

විශේෂයෙන්ම අවසාන සිද්දියේ දී. අවසාන සිද්දියෙන් පෙන්නුවේ ඔහුගේ හිස් බව ඒකට ඔහු සමාව ගතයුතුයි. වැරදි හදා ගන්නට පුළුවන් අහගන්න පුළුවන් වැරදුනා නම් අපි පිළිගන්න ඔනේ. නමුත් උද්දච්ච කමට තමනගේ හෘද සාක්ෂියට එකගව එතුමියට රාජ්‍ය සේවිකාවක් විදිහට ගරු කල යුතුයි. ඒ වෙලාවේ ගැහැනියෙක් විදිහට අම්මෙක් විදිහට පිරිමියෙක්ගේ තර්ජන මේ ගොන් පාට් නෙවෙයිද? මේ දේශපාලුවා නෙවෙයිද?  මේ තමයි තක්කඩියා. මොකද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එක නාලිකාවකට ඇවිල්ලා මොහුට තදින් කතාකරද්දි මොහු පුසෙක් වගේ හිටියේ. අපි නම් එහෙම ඉන්නේ නෑ. අපි මොකෙක්ටවත් බය නෑ. අපිට අනවශ්‍ය දෙයක් කිව්වොත් අපි අහනවා. නමුත් එදා පුසා අද දේශපාලුවා වෙලා ඇමතිකම නිසා. ඔහුගේ නගරයේ ඔහුම හදා ගත්ත පිළිමය ඔහු විසින්ම කඩනවා කියන්න කෙනෙක් ඔහු සතුව නෑ.

ජාඇලදි අරුගේ මුණ බලපන් මුගේ මුණ බලපන් කියන්නේ ඒ තමයි දේශපාලුවා. මොකක්ද ඒ හයිය ඔබට තියෙන මුණ බලලා මොනවා කරන්නද ඔබ? ඔබ විසින් අහන දේවල් අපිට මතකයි. අර්ජුන් මහෙන්ද්‍රන්ට කතා කරපු දවසේ. සජිවීව සර්, අනේ සර් කියමින් හුරතලේට ඇහුවේ. කවුරු හරි කියන දෙයක්නේ අහගෙන එන්නේ. ඔහුගේ සිතේ තිබුණා අර්ජුන් මහෙන්ද්‍රන් මහත්තයාගේ පාස්පොට් එක ලාච්චුවේ තිබුණා කියලා. ඔහු රටින් පිට වුණේ නෑ කියලයි ඔප්පු කරන්න ගියේ. ඒකවත් දන්නේ නෑ ගිහිල්ලා තිබුණේ මුදල් ඇමතිතුමාත් එක්ක. සර්, මන් මෙහෙම ඇහුවට කමක් නැද්ද කියලා මෙහෙන් ඇහුවම එහෙන් කියනවා නෑ රන්ජන් මම ඒක ගත්තා. ඔව් ගත්තා තමයි ගියේ නෑනේ ද ?සර් නෙවෙයි, ගියාද නැද්ද කියලානේ අහන්න ඕනේ ප්‍රශ්නයක් අහනවා නම්. නෑ රන්ජන් මම ගියා කියලා කියනවා. ආ ගිහින් ආවනේ කියලා කියනවා. මේ ගොන් පාට්  අපි දන්නවා.

මිනිසුන්ගේ කිර්තිනාම පලුදු කරමින් ඉන්න දේශපාලුවානනි, එක්කෝ කලා කාරයෙක් වෙන්න. පැය 24 රංඟනයේ යෙදුනාට මිනිස්සු ඔබට කිව්වේ රන්සමනලයා කියලා. අපිත් කිව්වා. පැය 24 දේශපාලනයේ නම්, රන් නෙවෙයි, දැන් ඔබට ඉස්සර රන්ජා කිව්ව ඔබට අවංකවම මිනිස්සු දැන් කියනවා ගොන්ජා කියලා. ඒකට සාධාරන හේතු ඔබ සපයමින් ඉන්නවා. රිසානාගේ ප්‍රශ්නෙදි ඔබ කතා කරද්දි අපි කිව්වා ඔහුට සැබෑ වුවමනාවක් ඇති කියලා. මේ කරන සිද්ධීන් නිසා අපිටත් කියන්න වෙන්නේ තවදුරටත් ඔබ රන් නෑ ගොන් කියලා. එතුමිය මවක් රාජ්‍ය නිලධාරිනියක් ඔබගේ හැසිරීම වැරදියි පැහැදිලිවම හෘද සාක්ෂියට අනුව ඒක ඔබත් දන්නවා. දැන් ගමේ ව්‍යවහාරේ වගේ හෙන ගහනවා කියන්න එපා ගමේ ව්‍යවහාරයේ අම්මා තාත්තා මතක් කරලා කියන දේවලුත් තියෙනවා ඔබ ඒවත් කියන්ට ගනියි මොකද ඔබ දේශපාලුවෙක් නිසා. ගමේ ව්‍යවහාරය වෙනයි මනුස්සයෙක්ගේ කීර්තිනාමය වෙනයි.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ අහෝ රන්ජන් නොදුටි මොක්පුර.

රන්ද..? ගොන්ද..? නිලිමස්ද..? දේශපාලන ඇම්ඩන් ලා ගැන කතාවක්..

 

 

– අරවින්ද අතුකෝරල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here