මත්තල වී ගබඩාව ගුවන්යානා වලින් පිරී ඉතිරී යයි.

0
40

ශ්‍රී ලංකාවේ භුගෝලිය පිහිටිම අනුවත් අපේ රට දූපතක් වන බැවිනුත් ඕනම හදිසි අවස්ථාවකට මුහුණ දීමට රටක් වශයෙන් ජාත්‍යන්තර තත්ත්වයේ ගුවන් තොටුපොළ දෙකක අවශ්‍යතාවය මේ වනවිට හොදින් අවබෝධ වී ඇත්තේ මේ දිනවලදී කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි කරන අලුත් වැඩියා කටයුතු නිසා ය.

ඒ අනුව පසුගිය දින 42 තුල ගුවන් මගින් 29000 කට අධික මගින්ට පහසුකම් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා සපයා ඇති අතර මේ කාලය තුල ගුවන් වාර 284 ක් එම ගුවන් තොටුපොළ හරහා මෙහෙයවා ඇත.

1944 දි බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කොට තිබු කටුනායක ගුවන්තොටුපොල නිදහසෙන් පසු එනම් 1956 දි එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායක විසින් බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාවන් පවරාගෙන ශ්‍රීලංකා රාජකීය ගුවන් හමුදාවේ පාලනයට නතුකලහ.

1964 දි එවකට සන්නිවේදන අමාත්‍යව සිටි අනිල් මුණසිංහ මැතිතුමා විසින් කැනේඩියානු රජයේ ආධාර මත රත්මලාන ගුවන් තොටුපොළ වෙනුවට කටුනායක ගුවන්තොටුපොල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපොළ ලෙස සංවර්ධනය කලේය. ඒ අනුව එයාර් සිලොන් ගුවන් සේවාව 1967 දි තම ප්‍රථම ජාත්‍යන්තර ගුවන් ගමන කටුනායක ගුවන් තොටුපොළේ සිට ආරම්භ කරන ලදී.

ඉන් වසර 45 කට පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුල ශ්‍රීලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හම්බන්තොට මත්තල ඉදිකල අතර ලොව විශාලතම ගුවන් යානවන A380 එයාර් බස් සඳහා පහසුකම් සැපයීමට මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමතව ඇත.

පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල මෙම ගුවන් තොටුපොළ සම්බන්ධව නොයෙකුත් විවේචන ඉදිරිපත් කල අතර මේ වනවිට එම ගුවන් තොටුපොළ ශ්‍රීලංකාවේ ආර්ථිකයට මෙන්ම අනාගත ඉල්ලුම සපුරාලීමට සමත් වී තිබීම මහින්ද රාජපක්ෂ යුගයේ ගත් වැදගත් තීරණයකි.

58,917 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here