13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.සම්මාන උළෙලේ 2016 වසරේ විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ උමාලි තිලකරත්නයි. සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කලේ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරයි. පසුගිය සමයේදී මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගිය බවට මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්වුවත් විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය අතට ගත් උමාලි සාරංග ගැන සිය සතුට පළ කලා.

ඊයෙ රයිගම් ටෙලීස් හොදම නිලිය වෙච්ච උමාලි තමන්ට ලැබුනු හොදම සම්මානය සාරංග කියලා හැමෝම ඉස්සරහ කිව්වනෙ. අද සාරංග ඒකට අමුතු උත්තරයක් තමන්ගෙ මුහුණු පොත තුල සදහන් කරල තිබුනෙ මෙන්න මේ විදියටයි.

ඒ වගේම, සාරංගගේ හිතවතෙකු විසින් පළකල පුවතක් share කරමින් දෙපළට සුභ පතා තිබූ අතර එයට කමෙන්ටුවක් පළ කරමින් සාරංග පවසා ඇත්තේ සියලු දෙනාම රැවටී ඇති බවත්, අකමැත්තෙන් වුවද ඇත්ත ප්‍රකාශ කිරීමට කාලය පැමිණ ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here