බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ චිත්‍රපටය රයීස් පාකිස්ථානය තුල තහනම්.

0
39

සුපිරි බොලිවුඩ් නළු ෂාර්ක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන රයීස් සිය රට තුළ ප්‍රදර්ශනය පාකිස්ථානය විසින් තහනම් කර තිබේ.

පාකිස්තාන රංගන ශිල්පියෙකු වන මහිරා ඛාන්ද රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය පසුගිය පෙබරවාරි 02දා එරට තුළ ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය එරට තුළ ප්‍රදර්ශනය වැළැක්වීමට හේතු දැක්වීමක් පාකිස්තානයේ මධ්‍යම රැඟුම් පාලක මණ්ඩලය සිදුකර නොතිබීමද විශේෂත්වයකි.

එනමුදු, අදාළ මණ්ඩලයේ නිලධාරියෙකු බී.බී.සී.ය වෙත පවසා තිබුණේ ත්‍රාසජනක කතා මාලාවක් යටතේ ගෙතුණු මෙම චිත්‍රපටයෙන් මුස්ලිම්වරුන් අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් ලෙස හුවාදක්වා ඇති නිසා මෙම තහනම පැනවී ඇති බවයි.

Image result for shahrukh khan's new movie

Image result for shahrukh khan's new movie

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here