බොරු අනාවැකි කරුවන් නීතිය ඉදිරියට – ඉන්දික බෙන්තර (AUDIO)

0
258

පුරාතණයේ අනාවැකි කියු ජෝතිශ්‍යවේදින්ගේ අනාවැකියක් වැරදුනේ හරිම කලාතුරකින්. වැරදුණේම නැති තරම්. මෑත කාලයේ අළුත් ප්‍රවණතාවයක් විදියට ජෝතිර්ය කටයුතු වලට මැදිහත් වෙන අනාවැකි කියන පිරිස් බොහෝ වැඩි වෙලා තියනවා. මේ විදියට බොරු අනාවැකි කියන එක ගොඩක් වෙලාවට සමාජය තුළ මත ගැ‍ටුම් ඇති කිරීමටත් හේතුවෙලා තියනවා. ජෝතිශ්‍යයෙන් නිවැරදි අනාවැකි පළ කරපු ඉන්දික බෙන්තර විතානගේ මහතා මේ අකාරයටයි ඔහුගේ අදහස් පලකලේ…

“කෙනෙක්ගෙ ජන්ම පත්‍රය කියන්නෙ ඒ පුද්ගලයා පිලිබඳ අතිශය පෞද්ගලික කරුණු පවා ගබඩා වෙලා තියන දත්ත ගබඩාවක්. ඇතැම් වෙලාවට ඒ පුද්ගලයාගේ ලිංගික ජීවිතය ගැන, සිතුම් පැතුම් ගැන, ආසවන් ගැන පවා මේ ජන්ම පත්‍ර වලින් කියන්න පුළුවන්. ඒ නිසා එවැනි දේවල් මාධ්‍යයට අනාවරණය කිරීම ජොතිර්ය විනයට පටහැනි දෙයක්. ඒ වගෙම තමයි යම් අනාවැකියක් වැරදුණානම් එම අනාවැකිය පළ කරපු පුද්ගලයා නීතිය ඉදිරියට ගෙන යාමට හැකිද කියන කාරණය පිළිබඳවත් ප්‍රශ්නයක් තියනවා. එහෙම ගෙන යන්න පසුබිමක් ලංකාව තුළ නිර්මාණය වෙලා තියනවානම් ඇත්තටම එය සතු‍ටුදායකයි. කුමක් නිසාද අනාවැකි වැරදියට කියන පුද්ගලයො එතකොට තවදුරටත් මේ රටේ ජෝතිර්ය කටයුතු වල නිරත නොවේවි. ඔවුන් ඇත්ත්ටම ජෝතිශ්‍යවේදින් නොවන නිසා තමයි මේ වගේ වැරදි අනාවැකි පළ කරන්නේ.

ලංකාවේ ජෝතිශ්‍යය අද වෙනකොට නූගතුන්ගේ විෂයක් බවට පත්වෙලා තියනවා. ජෝතිශ්‍යය ඉගෙන ගන්න මූලික සුදුසුකමක්වත් නැති පුද්ගලයින් ජෝතිර්ය වේදීන් බවට පත්වෙලා. නම් ගම් වෙනස් කරගෙන ව්‍යාජ ලෙස පෙනී සිටින පුද්ගලයින් දේශපාලන අනාවැකි කියන තත්ත්වයක් අද රටේ උදාවෙලා තියනවා. අනාවැකියක් කියන්නේ  මැතිවරණයකින් දිනන කෙනා හෝ ක්‍රීඩා තරඟයක ජයග්‍රහනය ගැන කියන  දෙයට වඩා එහා ගිය දෙයක්. ඇත්තටම අනාවැකියක් කියන්නේ අපි නොදැකපු අපි නොසිතපු ඉදිරි කාලය තුළ සිදුවිය හැකි දේවල් පිළිබඳ සාකච්ඡා කිරීමක්. උදාහරණයක් විදියට මං කිවුවා 2017 වසරෙදි යම් යම් ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවෙනවා සමහර ආහාර ද්‍රව්‍ය සොයා අගෙනීමට අපහසු වනවා කියලා. අද වෙනකොට රතු කැකුළු සහල් සොයා ගැනීමේ නොහැකියාවක් ඇති වෙලා තියනවා. අන්න ඒ වගේ දේවල් තමා අපි අනාවැකි කියන්නේ. කලින් ගත්ත තොරතුරු හෝ වෙනත් තොරතුරු පාදක කරගනිමින් දෙයක් කියන එක නෙමේ. ඒ වගේම ජෝතිශ්‍යය අනාවැකි පාලකයාගෙන් ස්වාධීන විය යුතුයි. රටක් පිළිබඳ  ජෝතිශ්‍යය අනාවැකි පළ කරනවානම් ඒ සඳහා භාවිතා කරන සිද්ධාන්ත තියනවා. ඒ හැම සිද්ධාන්තයක්ම ඒ රටේ පාලකයාගෙන් ස්වායක්ත වනවා. මොකද මේ රටේ අනාවැකි ප්‍රකාශ කරන්නේ ගුරුමානය වගේ සිද්ධාන්ත භාවිතා කරලා.

කවුරුහරි කියනවනම් මේ ජෝතිශ්‍යයට පදනමක් නෑ එය මිථ්‍යාවක් කියලා මම අභ්හියෝග කරනවා එහෙම කියන ඕනම කෙනෙක්ට මාත් සමග සජීවි සංවාදයකට එන්න කියලා. එතකොට ජෝතිශ්‍ය සත්‍යතාවය මන් ඔවුන්ට පැහැදිලි කරන්නම්.”

ඉන්දික බෙන්තර විතානගේ මහතා බොරු කියන ජෝතිශ්‍යවේදින් ගැන අදහස් දැක්වු සම්පුර්ණ හඬපටය පහතින් අසන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here