‘බිග් මැච්’ තහනම් කළ යුතුයි – ඕමල්පේ සෝභිත හිමියෝ.

0
24

ඉහළපෙළේ පාසැල් වල සිසුන්ට විනය විරෝධී ක්‍රියා සඳහා මග සලසන ‘බිග් මැච්’ වහාම නවතා දැමිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

බෞද්ධ පාසල් වශයෙන් පෙනී සිටින මේ රටේ විශිෂ්ඨතම පාසැල්වල ශිෂ්‍යයන් විනය විරෝධී ක්‍රියාවලට යොමුවීම බෞද්ධයන්ට වේදනා ගෙන දෙන කාරණයක් බව උන්වහන්සේ ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුම පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එම ගැටුමේදී “අතිශයින්ම අසංස්කෘතික අවිචාරමත් ක්‍රියා” සිදු වූ බව සඳහන් කළ උන්වහන්සේ ඒවා හෙළාදකින පිරිසට එරෙහිව සමාජ මාධ්‍යජාලා මගින් විවේචන එල්ලවන බවද සඳහන් කළහ.

“අද මුහුණුපොතේ සඳහන් වෙනව “ගහගත්තේ අපි අනිත් අයට ඇයි අමාරුව” කියල. දරුවනේ ඔව්, ඔබ හිතනවා ඇති ඔබ විතරයි මේ ලෝකෙ ජීවත්වෙන්නෙ කියල. නැහැ, ඔයගොල්ලෝ ගහ ගන්න කොට ඔයගොල්ලන්ගේ දෙමාපියන්ට දුකයි, නෑදෑයින්ට කල්‍යාණ මිත්‍රයන්ට දුකයි, රටේ සාමය සදාචාරය ආරක්ෂා කරන්න ඉන්න හැමදෙනාටම දුකයි,” යනුවෙන් ප්‍රකාශ කළ උන් වහන්සේ පැවසුවේ මෙවැනි සිදුවීම් සදාචාර සම්පන්න ලෝකය අනුමත නොකරන බවය.

‘බිග් මැච්’ උන්මත්තක ක්‍රියාවක් බවට පත්වී ඇති බව සඳහන් කළ උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ බෞද්ධ පාසැල් අදෘශ්‍යමාන බලවේගයක ගොදුරක් බවට පත්වී ඇති බවය.

 

 

 

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here