බ්‍රිතාන්‍යයේ රාජ්‍ය රහස්‌ අඩංගු ලියවිලි දස දහස්‌ ගණනක්‌ එරට ලේඛනාගාරයෙන් අතුරුදන් වී ඇත.

පෝර්ක්‌ලන්ඩ් යුද්ධය – උතුරු අයර්ලන්ත යුද්ධය සහ බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂය බිඳ දැමීම සඳහා එම්. අයි. 6 බුද්ධි සේවාව දියත් කළ සැලසුමට සම්බන්ධ ලියවිලිද මෙලෙස අස්‌ථානගත වී තිබේ.

බ්‍රිතාන්‍ය මාධය දක්‌වන්නේ ෙඓතිහාසික ලෙස වැදගත් වන ලිපිගොනු 1000 ක්‌ ඉවත් කර ඇත්තේ රජයේ සේවකයන් බවයි.

මෙම ලිපිගොනු අතුරුදන් වී ඇත්තේ කෙසේදැයි බ්‍රිතාන්‍ය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය හෙළිකර නැත.

අතුරුදන් වූ ලිපිගොනු අතර බ්‍රිතාන්‍ය රජය සහ මැලේසියාව අතර අත්සන් කළ ආරක්‍ෂක ගිවිසුම්ද වේ.

2013 වසරේදී මෙම රහසිගත ලිපිගොනුවලින් රැසක්‌ බකිංහැම්ෂපර්හි අධි ආරක්‍ෂිත සංකීර්ණයක්‌ වෙත ගෙන ගොස්‌ ඇත. සවුදි අරාබියාවට අළෙවි කළ අවි ආයුධ සහ ඉන්දුනීසියාවේදී බ්‍රිතාන්‍ය හමුදා දියත් කළ විශේෂ මෙහෙයුම් සහ වධහිංසා පැමිණවීම් කළ යුතු ආකාරය ගැන තොරතුරු ඇතුළත් ලිපිගොනුද අතුරුදන් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here