ලන්ඩනයේ හීතෲ සහ ගැට්වික් ගුවන්තොටුපොළවලින් ගුවන් අරඹන සියලුම බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන් ඊයේ දිනයේ අවලංගු කර තිබිණි. බලධාරීන් පවසන්නේ මෙයට හේතුව එම ගුවන් ගමන් පාලනය කරන පරිගණක පද්ධතිවල ප්‍රධාන පෙළේ දෝෂයක් හටගෙන තිබීම බවයි. විදුලි සැපයුමේ ගැටලුවක් මේ පරිගණක දෝෂ සඳහා හේතු වන්නට ඇති බවත්” එය සයිබර් ප්‍රහාරයක් නොවේ යැයි විශ්වාස කරන බවත් බලධාරීහු පවසති.
හීතෲ සහ ගැට්වික් යනු ලන්ඩනයේ පිහිටා තිබෙන විශාලතම ගුවන් තොටුපොළ දෙකක් වේ. මෙම ගුවන් ගමන් අවලංගු කිරීම සිදුකෙරුණේ ඊයේ පස්වරු1 ට පමණ ය. ගෙවී යමින් තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ වසන්ත සෘතුව සඳහා ලබාදෙන බැංකු නිවාඩු සතිඅන්තයක් වන හෙයින් එයින් ජනතාව විශාල අපහසුතාවයකට පත්වූ බව ද වාර්තා වේ.
අද දිනයේදීද ගුවන් සේවාවන්වල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි නමුත් හැකි ඉක්මනින් සියල්ල යථා තත්වයට පත්කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද බ්‍රිතාන්‍ය ගුවන් සේවා බලධාරීහු ප්‍රකාශ කරති.
-අමාලි ජයවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here