බ්‍රිතාන්‍යයේ රෙබෙකා ලංකාවේ මව සොයයි. තොරතුරක්‌ වෙතොත් දන්වන්න.

0
91

තම සැබෑ මව සොයා ගැනීමේ අරමුණින් එංගලන්තයේ සිට මෙරටට දියණියක්‌ පැමිණ ඇත. වසර 37 ක්‌ පුරා තමා තම මව සොයන බවත් කෙසේ හෝ සිය මව සොයා ගැනීම අරමුණ බවත් ඇය පැවසුවාය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය එලෙස පැවසුවාය. ලේ කිරි බැම්ම තරමට ශක්‌තිමත් කිසිවක්‌ මෙලොව නැති තරම් යෑයි ඇය කීවාය. මේ වන විට එංගලන්තයේ ජීවත් වන 38 හැවිරිදි රෙබෙකා නලයිනී පරරාජසිංහම් දරුවන් සිවු දෙනකුගේ මවකි. ඇය ඉපදී ඇත්තේ 1979 වසරේදීයි. ඒ කොළඹ සොයිසා කාන්තා රෝහලේදීය. අනතුරුව ඇය මාස තුනක පමණ කාලයක්‌ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව හිඳ ඇත. දරුවන් අහිමි ශ්‍රී ලාංකීය ද්‍රවිඩ යුවළක්‌ වන සෙල්වරාජම් හා ලීලාවදී යුවළ විසින් ඇය හදා වඩා ගැනීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් ඇයගේ නීත්‍යානුකූල අයිතිය 1979 වසරේදී කොළඹ පවුල් අධිකරණයේ තීන්දුවකට අනුව එම ද්‍රවිඩ යුවළට හිමි වී තිබිණි. ඉන් අනතුරුව ඔවුන් රෙබෙකාවත් රැගෙන එංගලන්තයේ පදිංචියට ගොස්‌ තිබිණි.

පිටරට ජීවත් වන දරුවන් මෙලෙස ලංකාවට පැමිණ සිය සැබෑ මවුවරු සොයා ගත් බොහෝ අවස්‌ථාවන් තමා දැක ඇති බවත් තමන්ට මව සෙවීමේ සිතුවිල්ල අවශ්‍යතාවය අට හැවිරිදි වියේ සිටම තිබූ බවත් ඇය කීවාය. ඉතා හොඳින් අධ්‍යාපනය හදාරා ඇති ඇය බ්‍රිතාන්‍යයේ අයිකොන් සමාගමේ ජීව විද්‍යාඥවරියක්‌ හැටියට වෘත්තිය කරයි. ඇයගේ සැමියා අර්ජුනන් තොරතුරු තාක්‌ෂණ අධ්‍යක්‌ෂවරයකු හැටියට කටයුතු කරයි.

ඇය අවසන් වරට ඉල්ලා සිටින්නේ තම මව හෝ ඥතියෙකු සම්බන්ධ තොරතුරක්‌ ලබාදීමට කාරුණික වන ලෙසය. යම් තොරතුරක්‌ වෙතොත් 0719408866 දුරකථන අංකයට හෝ එන්. වීරසිංහ, 155, ඉහළ බෝමිරිය, කඩුවෙල යන ලිපිනයට දන්වන ලෙසත් ඇය කාරුණිකව ඉල්ලා සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here