පාතාලෙ සමයංට වෙඩි තිබ්බේ බස් එකේ දොර ළගට අල්ලාගෙන ඇවිත්.

0
189

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ කළුතර උතුර පොලිසිය මගින් වෙනත් දිනවල නිලධාරීන් හතර දෙනෙකු ආරක්ෂාව සඳහා ලබා දුන්න ද අද දිනයේදී ආරක්ෂාව ලබා නොදුන් බවයි.

බස් රථයට ගොඩවූ පුද්ගලයෙකු අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් සමයංව අල්ලා ගෙන බස් රථයේ දොරටුව අසළට රැගෙන විත් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

ඔහුගේ සමීපතම ගෝලයින් ලෙස සැලකෙන තවත් රැඳවියන් 4 දෙනෙකු ද වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ජීවිතක්ෂයට පත්ව ඇති සෙසු දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here