ප්‍රහාරකයාගේ බිරිඳ ලන්ඩන් ප්‍රහාරය හෙළා දකියි.

0
129

තම සැමියාගේ ක්‍රියාවෙන් අතිශය ශෝකයට සහ කම්පාවට පත්වූ බවත් එය හෙළාදකින බවත් ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරය එල්ලකළ ඛලිඩ් මසූඩ් ගේ බිරිඳ පවසයි.

පොලීසිය මගින් ප්‍රකාශයක් නිකුත් කළ රොහේ හිදාරා එම ප්‍රහාරයෙන් මියගියවුන්ගේ පවුල්වලට තම ශෝකය පළකළ අතර තුවාලවූවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කළාය.

පදික වේදිකාවේ මෝටර් රථය ධාවනය කිරීමෙන් තිදෙනෙකු මරා දැමූ ඛලිඩ්, තියුණු පිහියකින් පොලිස් නිලධාරියෙකුට මරණීය තුවාල සිදුකිරීමෙන් අනතුරුව පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය.

තම දරුවන් ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කර දෙන මෙන් ඔහුගේ බිරිඳ, හිදාරා ඉල්ලා සිටින්නීය.

ලන්ඩන් ප්‍රහාරය
මරණයට පත් පොලිස් නිලධාරී කීත් පාමර්, සංචාරකයෙකු වූ කර්ට් කොච්රාන් සහ ගුරුවරියක වූ අයිෂා ෆ්රේඩ්

හිදාරා ට පෙර අදහස් දැක්වූ මසූඩ් ගේ මව ජැනට් අජාවෝ පැවසුවේ මෙම භයානක සිදුවීමට ගොදුරුවූ අය පිළිබඳ සිතමින් තමා බොහෝ සේ වැළපුණු බවය.

මෙම සිදුවීමෙන් දිවි අහිමි වූ සිව්දෙනාගේ මරණ පරීක්ෂණ ලබන බදාදා (මාර්තු29) ආරම්භ කිරීමට නියමිතව ඇත.

වයස 52ක් වූ ඛලිඩ් මසූඩ්ට අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සහ පෙර විවාහයේ බිරිඳක් සිටින අතර ඔහුගේ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අතර 44 හැවිරිදි පාසැල් ගුරුවරියක් වූ අයිෂා ෆ්රේඩ්, ඇමරිකාවේ සිට පැමිණි සංචාරකයෙකු වන 54 වියේ පසු වූ කර්ට් කොච්රාන් සහ දකුණු ලන්ඩනයේ ජනෙල් පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කළ 75 වියැති ලෙස්ලි රෝඩ්ස් ද විය.

මේ අතර සිදුවීමෙන් තුවාළ ලැබූ 13 දෙනෙකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබති.

 

BBC news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here