බෙල්ලන්විල රජමහාවිහාරාධිපති  මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි අද උදෑසන සිදුවූ හදිසි අනතුරක් නිසා රෝහල් ගත කර තිබේ.
බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන්මාර් කුමරා නමැති ඇතාගේ පහරදීමෙන් හිමියන්
බරපතළ තුවාල ලැබූ බවත් වහාම පිරිස එක්වී කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.

විමලරතන හිමිගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත දන්වා තිබේ.
සුපුරුදු පරිදි අද උදෑසන ඇතාට ආහාර දීමට හිමියන් යාමේදී මෙම අනතුර සිදුවී ඇති බවද වාර්තාවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here