නීතියට පිටින් ගෙනා කන්ටේනර් නිදහස් කරන්න මුදල් අමාත්‍යංශය බල කරයි.

0
118

නීත්‍යනුකූල නොවන ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථ අමතර කොටස් සහිත බහාලූම් අටක් මුදාහරින ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී තිබේ.

මෙම කන්ටේනර මුදා හැරීමට අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යවා ඇති අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අැමති සභාපති දුරය දරන කැබිනට් අනු කමිටුවකින්ද මෙම නිදහස් කිරීම අනුමත කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් රේගු බලධාරීන් පවසන්නේ මෝටර් රථ අමතර කොටස් ඇති බහාළුම් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශයට හැකියාවක් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here