දෙවැනි එලිසබෙත් රැජිනගේ රහස් සංඥා .

0
339

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජින සිය කාර්යමණ්ඩලයේ ප්‍රධානීන් වෙත විවිධ පණිවුඩ සන්නිවේදනය කිරීම සඳහා අමුතු ක්‍රමවේදයක් යොදාගෙන ඇති බව පසුගිය දිනක අනාවරණය වූයේ රැජිනගේ හිටපු පෞද්ගලික ‍ලේකම්වරයකු වූ කර්නල් ඇඩීන්ගේ දින‍පොතක් මාධ්‍යයට නිකුත් වීමත් සමගය. කර්නල් ඇඩීන් 1953 වසරේ සිට 1972 වසර දක්වා රැජිනගේ පෞද්ගලික ‍ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර වයස අවුරුදු 73දී 1984 වසරේ ඔහු මියගියේය. කුඩා කාලයේ සිට සිය දෙනික කටයුතු දින‍පොතක ලියා තැබිමේ පුරුද්ද මත කර්නල්වරයා රැජිනගේ පෞද්ගලික ‍ලේකම්වරයා ලෙස සේවය කළ කාලයේද ෙදෙනික කටයුතු ‍ලේඛනගත කිරීමේ සිරිත අත්හැරියේ නැත. ඔහුගේ මරණින් අවුරුදු 33කට පසු ඔහු සතු දින‍පොත් දෙකක් මාධ්‍යයට ලැබි තිබිණි. ඒවායේ සඳහන් වූ කරුණු අතරින් දවෛනි එළිසබෙත් රැජිනගේ මෙම රහස් සංඥා භාෂාවට මුළු ලෝකයේම අවධානය ලැබි තිබිණි.
රැජිනගේ මෙම රහස් සංඥා භාෂාව වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ රාජකාරී අවස්ථාවක යම් පණිවුඩයක් සිය කාර්ය මණ්ඩලයට දැනුම්දීම සඳහාය. මේ සඳහා ඇය භාවිතයට ගනු ලබන්නේ ඇගේ අත්බෑගය හෝ කුඩා පසුම්බියයි. මේ ආකාරයට තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට විවිධ පණිවුඩ සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍යවන උපකරණ කීපයක් රැජිනගේ අත්බෑගයේ තිබේ. සාමාන්‍යයෙන් ඇගේ අත්බෑගයේ තිබෙන පෑන, නෝට්පෑඩය,  කුඩාකණ්ණාඩිය, ලිප්ස්ටික් එක සහ සුදු පැහැ අත්‍ලේන්සුව හැරුණු විට මෙම අත්බෑගය තුළ ළා රෝස පැහැති ‍ලේන්සුවක්, ජංගම දුරකථනයක් සහ අවානක් තිබේ. ඇය මෙම රෝස පැහැ අත්‍ලේන්සුවත්, ජංගම දුරකථනයත්, අවානත් පාවිච්චි කරන්නේ යම් පණිවුඩයක් දැනුම් දීම සඳහාය.
ඇය පිරිසක් ඉදිරියේ සිටින අවස්ථාවක වරින්වර සිය අත් බෑගය අතින් අතට මාරු කරමින් සිටීනම් ඇයට අවශ්‍ය වී ඇත්තේ එම ස්ථානයෙන් ඉක්මනින් ඉවත් වන්නටය. එනම් එම කතාබහ හෝ ඇසුර ගැන ඇයට පැහැදීමක් නැත. එවැනි අවස්ථාවක ඇගේ පෞද්ගලික ‍ලේකම්වරයාගේ කාර්යය වන්නේ කුමක් හෝ පවසා ඇයව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමය.
දවල් කෑම වේලකට සහභාගි වී සිට එය අවසන්ව සිටින අවස්ථාවක ඇය සිය අත්බෑගය තමා අසුන්ගෙන සිටින පුටුව ආසන්නයේ බිම තබා ඇත්නම් ඊළඟ විනාඩි පහ තුළ ඇයට එම අසුනින් නැගී සිටිය යුතු බව හැඟවේ. එම රහස් සංඥාවේ අරුත පිළිබඳවද පෞද්ගලික ‍ලේකම්වරයා දැන සිටිය යුතුය. යම් ස්ථානයක අසුන්ගෙන අමුත්තන් කීපදෙනකු සමග කතාබහේ නිරත වෙමින් සිටින අවස්ථාවක එම කතාබහ නීරසනම් රැජින කරනුයේ සිය අත්බෑගය බිමින් තබා එහි පටියෙන් අල්ලා ගැනීමය. එවැනි අවස්ථාවකදී වුවද ඇයව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පෞද්ගලික ‍ලේකම්වරයා ඉදිරිපත් විය යුතුවේ.
පුරුද්දක් ලෙස ජංගම දුරකථනය භාවිත නොකරන ඇය සිය බෑගයේ ඇති ජංගම දුරකථනය ඉන් පිටතට ගෙන මේසය මත හෝ ඔඩොක්කුව මත තබාගෙන සිටින්නේ නම් ඇය පවසන්නේ  ඇයට හදිසිකාරණයක් පැවැසීමට අවශ්‍යව ඇති බවකි. එවිට ඇගේ ප්‍රධාන සේවිකාව හෝ පෞද්ගලික ‍ලේකම්වරයා ඇය අසලට ගොස් සිටගත යුතු වේ. සිය බෑගයේ ඇති අවාන ඇය අතට ගත්තේ නම් ඉන් කියැවෙන්නේ තමන්ට  පිපාසාවක් ඇතිවී තිබෙන බවය. ඇය බෑගයේ ඇති රෝස පැහැති අමතර අත් ‍ලේන්සුව අතට ගන්නේ රජ පවුලට අයත් කෙනකු කෑම මේසයේදී හෝ වෙනත් ස්ථානයක කතාවක්  පවත්වමින් සිටින අවස්ථාවකය. එහි අරුත ‘ඔය කතා කළා හොඳටම ඇති’ යන්නයි.
එලිසබෙත් රැජිනගේ මෙම සංඥාභාෂාව පුහුණුවන්නට නම් අවම වශයෙන් අවුරුද්දක්වත් ඇයට සේවය කර තමා විසින් එය ඉගෙන ගත යුතු විනාකිසිවෙකු විසින් එය තවත් කෙනකු වෙත කියයි.  උගන් වන්නේ නැති බවද කර්නල්වරයා සිය දින‍පොතේ සටහන් කර තිබේ.

 

 

 

 

 

 

දුලංජලී මුතුවාඩිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here