දුක් කසාදයට වඩා දික් කසාදය හොඳයි..

0
234

ජනප්‍රියත්වය කියන්නේ ලේසියෙන් කෙනෙකුට ලබා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඊටත් වඩා අමාරුයි ලබා ගත්ත ජනප්‍රියත්වය රැක බලා ගන්න එක.ක්ෂේත්‍රයට ආපු දවසේ ඉදන් මේ වෙනකල් එක ලෙසම තමන්ගේ ජනප්‍රියත්වය පවත්වාගෙන ආපු කෙනෙක් ඉන්නවනම් ඒ උමයංගනා වික්‍රමසිංහ විතරයි.  මේ ඇය ……

(1 )  ” කටු ඉඹුලේ ”  නැගපු කෙනෙක්ගෙන් ” ඉතින් ඊට පස්සේ ” මොකද වුනේ කියලා ඇහුවාම කිව්වලු ” ජීවිතේ ලස්සනයි ” කියලා. එහෙම වෙන්න පුලුවන්ද කවදාවත්. කටු ඉඹුලේ නැගපු කෙනාගෙන්ම අහලා දැනගමු  ඇත්ත කතාව.

ඔව්,ඇත්තටම කටු ඉඹුල ටෙලිනාට්‍ය මගේ ජීවිතේ ලස්සන කරන්න පාර කපලා දුන්නා. ඉතින් ඊට පස්සෙ ටෙලිනාට්‍ය ජීවිතේට වටිනාකමක් දුන්නා. ඉතින් ඊට පස්සේ මම ජනප්‍රිය වුනා.

(2) ඔබව හදුන්වනවාට කැමතිම විදිය මොකද්ද?

උමයන්ගනා වික්‍රමසිංහ කිව්වාම ඇති.

(3) නෑ අපි අහන්නේ ඔබ විෂයයන් ගොඩක්  එක්ක ගන්දෙනු කරන නිසා.

ඔව්. මට ප්‍රශ්නය පැහැදිලියි. මම කියන්නේ මොනතරම් විෂයයන් ප්‍රමානයක් එක්ක ගනුදෙනු කරත් , ඒ හැමදේම ලැබුනේ උමයංගනා වික්‍රමසිංහ කියන ශබ්ද අනන්‍යතාවය ලැබුනට පස්සේ. ඒ නිසා මට උමයංගනා වික්‍රමසිංහ කිව්වාම හොදටම ඇති.

(4) විවිද විෂයයන් කියන එක පැහැදිලියි කරමුද ?

මාධ්‍යවේදීනියක් , රංගනශිල්පිනියක් , ටෙලිනාට්‍ය , වේදිකා නාට්‍ය  දෙකේම , ගායකාවක් , නිෂ්පාදිකාවක් , ඉදිරියේදී අධ්‍යක්ෂකවරියක් . ම්ම්ම්ම්ම් ඒ ඇති නේද?

(5) එතකොට කෝ අර හඬ කැවීම් ශිල්පිනිය ?

ඉන්නවා , ඉන්නවා තව ගොඩාක් දේවල් වල ඉන්නවා , එත් ඒ දේවල් ප්‍රධාන ධාරාවට එකතු කර ගන්නේ නෑ .

(6) මාධ්‍යවේදීනියට මොකද වුනේ .?

මේ දවස්වල එයා පොඩි නිවාඩුවක් අරගෙන . දෙරණ ටීවී එකේ පලවෙනි ප්‍රවෘර්ති නිවේදිකාව විදියට ගමන් අරඹපු මාධ්‍ය ජීවිතය තවම සජීවීව ඉදිරියට ගමන් කරනවා.

(7) ඔබ සජීවීව කියන වචනේ පාවිච්චි කරේ විශේෂ හේතුවක් නිසාද?

ඔව්. සමහර අය ටික කාලයක් මොකක් හරි විෂයක් බාගෙට හදාරනවා . ඊට පස්සේ හොයා ගන්නවත් නෑ . ආපහු අවුරුදු දහයකින් විතර ඇවිල්ලා තමන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කියලා  වීරයා වෙන්න හදනවා . මම කියන්නේ අපි යම් කිසි දෙයකින් ප්‍රවීණ  වෙන්න නම් අදාල විශය ඇතුලේ සජීවීව විවිධ අත්හදාබැලීම් කරන්න ඕන.එහෙම නැතුව එක තැන දිරලා වැඩක් නෑ.

(8) උමයංගනා වික්‍රමසිංහ කියන්නේ ගැහැනියක් . ඔබ ඒ පැත්තෙන්  සම්පූර්ණ  ද?

තවම සියයට සියයක් නෑ. සම්පූර්ණ කරගනිමින් ඉදිරියට යනවා . අනික මට හිතෙන විදියට නම් ජීවිතේ කියන්නෙම අසම්පූර්ණ අත්දැකීමක් . ඒකට ගැහැනියක්ද පිරිමියෙක්ද කියන එක අදාල නෑ . නමුත් ඔබේ ප්‍රශ්නයට උත්තරේ කාලය විසින් අපූරුවට අරගෙන ඒවි .

(9) කොහේදි හරි ජීවිතේ පැරදුනාද ?

මම කවදාවත් එහෙම හිතන්නේ නැ . පරදිනවා කියන්නේ වැටෙන එකට නෙවෙයි . වැටිලා නැගිටින්නේ නැතුව ඉන්න එකට . අනික කවුද මේ ජීවිතේ ඇතුලේ විවිද අවස්ථාව වලදී නොවැටුනු කෙනෙක් ඉන්නේ . අපි ඔක්කොම මිනිසුනේ..

(10) පවුලේ විස්තර මොනවද?

මමයි , මල්ලියි , තාත්තයි කාල ඇඳලා කාටවත් කරදරයක් නෙවෙන විදියට සතුටින් ජීවත් වෙනවා.

(11) ලඟදි ගොසිප් එකක් ගියා නේද ලොකුවට..

ආ. .ඔව් ඔව් . ඒ වගේ දේවල් වලින් හිත රිදදගෙන් මේ ගමන යන්න බෑ . ඒත් මම ඉල්ලා සිටිනවා මේ ගොසිප් හදන අයගෙන් මීට වඩා විශ්වසනීයත්වය ඇතිකරගන්න පුලුවන් ගොසිප් නිර්මාණය කරන්න කියලා . මොකද නැත්තම් ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.

(12) අයෙමත් විවාහයක් ගැන හිතන්නේ නැද්ද ?

උමයංගනා වික්‍රමසිංහ කියන්නෙත් මේ දෙකොටී විසිපන්ලක්ෂය ඇතුලේ ජීවත් වෙන සාමාන්‍යය ගැහැනියක් . සිවිල් වටිනාකමක් ජීවිතයට ලැබුනා කියලා කවුරු හරි හිතනව නම් හද ස්වරය වෙනස් වෙනවා කියලා , එහෙම නැත්තම් අඩුවෙන් හෝ වැඩියෙන් නාඩි වැටෙනවා කියලා ඒක වැරදියි .

(13) ලංකාවේ කාන්තාවන්ට විවාහය ගැන යමක් කියන්න පුලුවන්ද?

ඇත්තම කතාව කිව්වොත් තව කෙනෙක්ට උපදෙසක් දෙන්න තරම් මට විවාහ ජීවිතය ගැන අත්දැකීමක් නෑ . නමුත් ගැහැනියක්  විදියට සංස්කෘතික පවුල හරිම වැදගත් . හැබැයි හරි තැන අපි තෝරගන්න ඕන . එහෙම නැති තැන් වල තියන දුක් කසාදයට වඩා කෝටියකින් වටිනවා දික්කසාදය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here