දකුණු අප්‍රිකානු මහත්වරුන් අපිට දුන් T-20 ජය.

0
112

මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් රැස් කරගත් ලකුණු 170 වේ අපහසු ඉලක්කය හබා ගිය ශ්‍රී ලාංකීය පිතිකරුවන් දික්වැල්ලගේ ලකුණු 68(51) නිසා නව ජීවයක් ලැබුවත් ඔහුගේ දැවීයාමෙන් පසු කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල දමමින් සීක්කුගේ ප්‍රසන්න නොදැවී පන්දු 16 තුල ලකුණු 37 ක් ලබා ගැනීම මෙම ජයග්‍රහනයට හේතු වුවද මෙම ජයග්‍රහනය අමිහිරි අත්දැකීමක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි. එනම් අවසාන පන්දු ඕවරයේ හතර වෙනි පන්දුවේදී ජයග්‍රහනයට ලකුණු 5 අවශ්‍යව තිබියදී ප්‍රසන්න විසින් එල්ල කල හතරේ පහරින් උද්දාමවී පන්දුව හතරේ සීමව පසු කරන්නටත් පෙර විකට්ටුවක් ගලවා ගැනීම හා ජයග්‍රහනයට තවත් ලකුණක් අවශ්‍යව තිබියදී මෙය සිදුවීම ක්‍රිකට් නීති රීති වලට අනුකූලව දැවී යාමක් වුවද දකුණු අප්‍රිකානුවන්ගේ මහත්මා ගුණය මැනවින් විදහා පෙන්වමින් එය තුන්වැනි විනිසුරුට යොමු නොකරන ලදී. එම නිසා මෙම තරගය අප ජයග්‍රහනය කලත් මෙම ජයග්‍රහනයේ ප්‍රශංසාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ද හිමි විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here