තවත් ක්‍රීඩකයෙක් මාරාන්තික අනතුරක – VIDEO

0
46

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර දී පන්දුවක් හිසේ වැදීම නිසා බංග්ලාදේශ ක‍්‍රිකට් නායක මුස්ෆිකර් රහීම් රෝහල්ගත කර තිබේ.

ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ නවසීලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ටිම් සව්ති යැවූ බවුන්සර් පන්දුවක්, පන්දුවට පහරදෙමින් සිටි මුස්ෆිකර් රහීම්ගේ හිස පිටුපස ප‍්‍රදේශයේ වැදී ඇති බවයි .

කෙසේ වෙතත් ආරක්ෂිත හිස් වැසුම නිසා ඔහුගේ ජීවිතයට හානියක් සිදුව නැති අතර වෙලින්ටන් නුවර රෝහලකට ඇතුළත් කෙරුණු මුස්ෆිකර් රහීම් මෙහිදී එක්ස් කිරණ පරීක්ෂාවකට සහ ස්කෑන් පරීක්ෂාවකට ද ලක් කර තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි නවසීලන්තයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

අදාළ වීඩියෝ පහතින් නරඹන්න………

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here