ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයේ නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විසි පස් හැවිරිදි ශ්‍රී ලාංකිකයා එදින මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් මුදා හරින ලද පුද්ගලයෙකු බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

එම පුද්ගලයා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් හිමි මෙල්බර්න් නුවර විසූ අයෙකු බව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය භාර පොලිස් ප්‍රධානී ග්‍රැහැම් ඇෂ්ටන් කියා සිටියේය.

තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළු වීමට උත්සාහ දරා තිබූ බව වාර්තා වේ.

ඒ සමග ක්වාලාලම්පූර් බලා පියාසර කරමින් තිබූ යානය යළි මෙල්බර්න් ගුවන් තොටුපල බලා හරවා ඒමට සිදු වූ අතර එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට පත් විය.

එය ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බව සළකා පොලිසිය ආරම්භයේ දී කටයුතු කළ නමුත් “මානසික සෞඛ්‍ය හා සම්බන්ධ ගැට‍ලුවක්” ඊට බලපා ඇතැයි පසුව තීන්දු කෙරුණු බව පොලිස් ප්‍රධානී ග්‍රැහැම් ඇෂ්ටන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ ගමන් කළ සෙසු මගීන් අදාළ පුද්ගලයා මෙල්ල කිරීමට කටයුතු කළ ආකාරය සිදුවීම ඇසින් දුටුවෙක් විස්තර කළේය.

එක් මගියෙකු කියා සිටියේ සැකකරු අත “ඉතාමත් අසාමාන්‍ය වස්තුවක්” තිබූ බවය.

එය පුපුරන ද්‍රව්‍යයක් නොවන බව පසුව පොලිසිය නිවේදනය කළේය.

Passengers were evacuated on to the tarmac after a long wait

“ඔහු පසුපසට දිව ගියා, ඕස්ට්‍රේලියානු වීරයන් තුන්දෙනෙක් ඔහුව බදලා බිම දැම්මා. ඔහුව සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළා” යනුවෙන් සිදුවීම ඇසින් දුටු මගියෙකු වන ඇන්ඩෲ ලියොන්සෙලී  කියා සිටියේය.

‘බ්ලූටූත් ස්පීකරයක්’ (bluetooth speaker) හෝ ඊට සමාන යමක් සැකකරු අත තිබී ඇති බව ඕස්ට්‍රේලියානු පොලිසිය පැවසීය.

මැලේසියාවේ ප්‍රවාහන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් අසීස් විසින් එය පවර් බෑන්ක් (powerbank ) බැටරියක් ලෙස හඳුන්වනු ලැබූ බව AFP පුවත් සේවය වාර්තා කරයි.

තමන්ට ගුවන් යානයේ නියමුවා හමුවීමට අවශ්‍ය යැයි “කලහකාරී ලෙස හැසිරීමට” පෙර සැකකරු පැවැසූ බව ඇන්ඩෲ ලියොන්සෙලී කියා සිටී.

ඉන් අනතුරුව සැකකරු තර්ජනය කරමින් අත තිබූ උපකරණයේ බොත්තම් ක්‍රියාත්මක කරන ආකාරයක් පෙන්නුම් කළ බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව තමන් හමුවේ තර්ජනයක් ඇති බව සෙසු මගීන්ට දැන්වූ බව කී ඇන්ඩෲ ලියොන්සෙලී පසුව සෙසු මගීන් විසින් සැකකරු නතු කර ගනු ලැබූ බව සඳහන් කළේය.

එම අවස්ථාවේ A330 වර්ගයේ මැලේසියානු ගුවන් යානය තුළ කාර්ය මණ්ඩලය සහ මගීන් 337 දෙනෙක් ගමන් ගත්හ.

 

 

 

 

 

BBC news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here