ට්‍රම්ප් මාධ්‍යට වෙත දොස් පවරයි…..

0
47

සිය දිවුරුම්දීමේ උත්සවය සඳහා සහභාගී වූ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සංසන්ධනාත්මක අසත්‍ය තොරතුරු වාර්තා කරන බවට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත දොස් පවරා තිබේ.

තමන් ඇමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට කතාව පවත්වන අවස්ථාවේදී විශාල ජනතාවක් ‍වොෂිංටනය වෙත පැමිණි බව පවසන ට්‍රම්ප්, ඡායාරූප සාක්ෂි ලෙස දක්වමින් ගෙනයන්නේ මාධ්‍ය මාෆියාවක් බව කියයි.

මාධ්‍ය වෙත දරුණු වාග් ප්‍රහාර එල්ල කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ සිකුරාදා පැවති සිය පදවි ප්‍රාප්ති උළෙල සඳහා අවම වශයෙන් පුද්ගලයන් දස ලක්ෂයක්වත් සහභාගී වී සිටියේ යැයි තමන් විශ්වාස කරන බවය.

එමෙන්ම සිය පදවි ප්‍රාප්ති උළෙල සඳහා සහභාගී වූ පිරිස ඉතිහාසයේ මෙතෙක් එක් රැස් වූ විශාලතම පිරිස බවද ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේය.

විශේෂයෙන්ම, මුල සිටම ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ගමනට බාධා කළ සී.එන්.එන්. ආදී මාධ්‍ය මෙන්ම, ට්‍රම්ප්ගේ නව ගමන්මන දෙස වපරැසින් බලන ඇතැම් බටහිර මාධ්‍ය ආයතනද 2009 වසරේ හිටපු ජනපති ඔබාමාගේ දිවුරුම්දීමේ උලෙළ සඳහා සහභාගී වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් ජනාධිපති ට්‍රම්ප්ගේ දිවුරුම්දීමේ උලෙළ වෙත පැමිණ සිටි බව පවසන්නට විය.

මාධ්‍ය විසින්ම ට්‍රම්ප් හා ඇමෙරිකානු බුද්ධි අංශ කෙරෙහි ඇති කර තිබූ මතභේදය බෙරුම්කර ගැනීමට එරට මධ්‍යම බුද්ධි අංශය වෙත සංචාරයක නිරත වෙමින්, බුද්ධි අංශ නිලධාරීන් ඉදිරියේ අදහස් දක්වමින් ඇමෙරිකානු නව ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here