ට්‍රම්ප් දිවුරුම්දෙන මොහොතට ලාංකිකයෙකුටත් ඇරයුම්…

0
32

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා රජයටද ආරාධනය කර ඇති බව තානාපති ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා මෙම දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීමට නියමිත බවද වාර්තා වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමෙරිකා ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමේ උත්සවය ලබන 20 දින පැවැත්වීමට නියමිතයි.

එහිදී ඔහු එරට අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බවද තොරතුරු වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here