ජැනට් ජැක්සන් මවක වෙයි

0
51

1980 -90 දශක වල වඩාත් ප්‍රකට පොප් ගායිකාවක වූ ජැනට් ජැක්සන් දරුවෙකු ප්‍රසූත කළ බව ඊයේ වාර්තා වුණා. මෙහි විශේෂත්වය වන්නේ ඇයගේ තෙවැනි විවාහයේදී වයස 50 දී මෙම දරු උපත සිදුවීමයි. ඇය දැන් විවාහ වී සිටින්නේ කටාර් රාජ්‍යයේ කෝටිපති ව්‍යාපාරික විසාම් අල් මනා නමැත්තෙකු සමගයි.

ලෝකයේ පොප් කිරුළ දිනූ නැසීගිය මයිකල් ජැක්සන්ගේ බාල සොයුරිය වන ජැනට්  හත් වතාවක් Grammy සම්මාන දිනූ  ගායිකාවකද වන අතර ගීත ඇල්බම එකොළහක් නිකුත් කර ඇත. ඇය අවසන් වරට 2015 දී  ‘Unbreakable’ නමින්ද ඇල්බමයක් නිකුත් කර තිබේ.
ජැනට් ජැක්සන් පුතෙකු බිහිකළ බවත් මාපිය යුවළ ඒ පිළිබඳව දැඩි සතුටකින් පසුවන බවත් දරුවා මෙන්ම මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඇගේ මාධ්‍ය ප්‍රකාශක දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here