ජයලලිතාගේ මිතුරිය ශෂිකලාට සිවුවසරක සිරබත්.

0
56

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්, ශෂිකලා නඩරාජන් ඇතුළු සිවු දෙනෙකුට වසර හතරක සිර දඬුවම් නියම කර ඇත.

තමිල්නාඩි හිටපු මහ ඇමතිනිය මේ වන විට මියගොස් ඇති නිසා ඉතිරි විත්තිකරුවන් තිදෙනා මාසයක් තුල භාර වන්නැයි නියෝග කර ඇත.

ජයලලිතාගේ මරණින් පසු ශශිකලා නඩරාජන් AIADMK පක්‍ෂ නායකත්වයට පත්වීමත් සමග තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධූරය හිමිවීමට නියමිතව තිබිණද මේ නඩු තීන්දුවත් සමග එම තත්වය වෙනස් වී තිබේ.

මෙම පිරිසට සිර දඩුවම් නියම කර ඇත්තේ අයථා ලෙස වත්කම් උපයා ගත්තේ යයි එල්ල වී ඇති චෝදනා මතයි.

වසර හතරක සිර දඬුවමට අමතරව වසර දහයක් ගතවන තෙක් මැතිවණවලට තරග කිරීමට මෙම පිරිසට හැකියාවක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here