කෙල්ලගෙ බර්ත්ඩේ එක සමරන්න දෙන්නත් එක්ක යන්න පුලුවන් කොළඹ තියෙන තැන් කීපයක්.

0
34

කොළොම්පුරේ ගෑනුළමයෙකුටයි පිරිමි ළමයෙකුටයි ගිහින් නිදහසේ කයියක් ගහගෙන, හොඳට කාලා බීලා එන්න තියෙන තැන් ටිකක් ගැන. හැබැයි අද කියන්න යන්නේ ඊට පොඩ්ඩක් වෙනස් දෙයක්. දැන් අපි හිතමුකෝ ගෑනු ළමයගේ උපන්දිනේ ලඟ ලඟ එනවා කියලා. අන්න එතකොට එයත් එක්ක ගිහිල්ලා, නිදහසේ උපන්දිනේ සමරලා එන්න පුලුවන් තැන් මොනවද? අපේ කලින් ආටිකල් එකේ කිව්ව සමහර තැනුත් ඒකට ගැලපෙනවා. ඒත් අද මේ කියන්න යන්නේ තව වෙනස් තැන් ටිකක්. පොඩ්ඩක් මහන්සි වෙන්න පුලුවන් නම් මේ තැන්වල ගෑනු ළමයගේ හිත පිරෙන්න සර්ප්‍රයිස් පාටි එකක් එහෙමත් ඕගනයිස් කරගන්න බැරි වෙන්නෙ නෑ.

මෙතන ගණන් අඩු තැන් වගේම වැඩි තැනුත් තියෙනවා. ඒ නිසා තම තමන්ගේ පොකට් එකට සෙට් වෙන විදියට තැන ‍තෝරගන්න ඕන ඉතින්.

 

1. Sugar Bistro & Wine Bar
Colombo Dating Spots

Source – facebook.com/Sugar Bistro & Wine Bar

කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් එක පැත්තට හවසක යනවා කියන්නේ ලෝකේ එපා වෙන තරමට ට්‍රැ‍ෆික් අත්විඳින්න වෙනවා කියන එක තමයි. හැබැයි ක්‍රෙස්කැට් එකට ගොඩ වුණු ගමන් වම් පැත්තේ තියෙන ෂුගර් බිස්ට්‍රෝ එක ඇතුළට ගියා නං ඒ අවුල සම්පූර්ණයෙන්ම අමතක වෙලා යයි. ඒ තරමට නිස්කලංක විදියට තමයි මෙතන හදලා තියෙන්නේ. මෙතන කෑම බීම ගත්තත් සෑහෙන වෙනසක් තියෙන නිසා දෙන්නත් එක්ක වෙනසක් බලාපොරොත්තු වෙන අයට මෙතන මරු.  ඕන නං වයින් උගුරක් එහෙමත් බොන්නත් පුලුවන්.

දුරකථන අංක:0112446229

තැන මෙතන:

 

2. Sky Lounge
Colombo Dating Spots

Source – facebook.com/thekingsbury.skylounge

කිංස්බරි හෝටලේ රූෆ් ටොප් එකේ තියෙන ස්කයි ලෝන්ජ් බාර් එක ඇත්තටම දකින්න ඕන තැනක්. ස්කයි ලෝන්ජ් එකම නෙවෙයි, එතනින් පේන කොළඹ දර්ශනය. ඉර බහින වෙලාවක යන්න පුලුවන් නං තවත් මරු. ඉතින් ඕන නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ස්කයි ලෝන්ජ් එකට ගිහිල්ලා, ඉර බහින හැටි බලාගෙන දෙන්නත් එක්ක ඔය කොක්ටේල් වීදුරුවක් හරි මොක්ටේල් එකක් හරි රස බලන්න පුලුවන්. පසුබිමෙන් ඇහෙන ලයාන්විත සංගීතයත් එක්ක ඒ අත්දැකීම තව රොමෑන්ටික් වෙයි. අනික හවස හැපි අවර් එකේ එකේ යනවා කියන්නේ වීදුරුවට වීදුරුවක් හම්බුවෙනවා කියන එකනේ.

දුරකථන අංක:0112421221

තැන මෙතන:

 

3. Giovanni’s Pizza
Colombo Dating Spots

Source – facebook.com/giovannispresto

ජියෝවානිගෙ පීසා කඩේ කිව්වට මෙතන පීසා හදන්නේ ජියෝවානි නෙවෙයි, දිමුතු. පොඩ්ඩක් වෙනස් විදියට උපන් දිනය සමරන්න මෙන්න නියමයි කියලා අපි රෙකමන්ඩ් කරන තැනක්. කරන්න තියෙන්නේ හවස හයට විතර වයින් බෝතලේකුත් අරගෙන මේ පැත්තට යන්න තමයි. කෙලින්ම යන්න උඩ තට්‍ටුවට. අර පරණ ඉතාලි බූටික් රෙස්‍ටුරන්ට් එකක ඉන්නවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. දැන් ඉතින් රෑ එකොළහවෙනකල් වුනත් පීසා කකා, වයින් බිබී චැට් එක දාගෙන ඉන්න තමයි තියෙන්නේ. මෙතන පීසා රහයි කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ!

දුරකථන අංක:0770335366

තැන මෙතන:


Colombo Dating Spots

Source – srilanka-villa.com, drecome.lk, weekendnotes.com

සුවපහසු පුංචි මුල්ලක තියෙන ඉතාලි රෙස්‍ටුරන්ට් එකකට ගිහින් ගෑනු ළමයත් එක්ක හොඳ ඉතාලි කෑම වේලක් කාලා උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න ඩොල්චෙ ඉතාලියා මරු පොට් එක. ඕන නං උඩ තට්‍ටුවට ගියොත් තවත් නිදහස තියෙනවා. ඉතාලි පැණිරස කෑම වලට කැමති අයට වගේම පැස්ටා, ලසාඤ්ඤා වගේ ඉතාලි කෑම වලට කැමති අයටත් දරුණුවට වියදං නොකර බඩ පිරෙන්න කාලා, චැට් එකක් දාගෙන ඉන්න පුලුවන්. මෙතන රන් කරන්නෙත් ඉතාලි ජාතිකයෙක් කියන එක කියන්න ඕන.

දුරකථන අංක:0112559901/900

තැන මෙතන:

 

5. Flamingo Restaurant
Colombo Dating Spots

Source – facebook.com/flamingohouselk

බම්බලපිටියේ කලබලේ මැද්දෙන් යන්න තියෙන පොඩි ලේන් එකක තියෙන හිතාගන්න බැරි තරම් නිස්කලංක තැනක් තමයි ෆ්ලෙමින්ගෝ රෙස්‍ටුරන්ට් කියන්නේ ඇත්තටම සිලෝන් සිටි හොටෙල් එකේ තියෙන ෆ්ලෙමින්ගෝ රෙස්‍ටුරන්ට් එක අපි රෙකමන්ඩ් කරන්නේ මෙතන තියෙන ශාන්ත සුන්දරත්වයට අපිත් ආසා කරන නිසාම තමයි. එතකොට කෑම බීම ගත්තත් එක එක ආහාර වට්ටෝරු විධි වලට හදපු කෑම බීම සෑහෙන්න ලොකු රේන්ජ් එකක් තියෙනවා මෙතන. ගාණත් ඉතින් හොඳ කෝපි කඩේක කෑම බීම වලට යන ගණන් වගේම තමයි. හැබැයි ගෑනු ළමයත් එක්ක නිදහසේ ඉන්න මෙතන තියෙන ඉඩ ගැන තමයි අපිට විශේෂයෙන්ම කියන්න ඕන වුනේ.

දුරකථන අංක:0112508000

තැන මෙතන:

 

6. Tea Avenue
Colombo Dating Spots

Source – facebook.com/Tea Avenue , visitcolombo.com

නිදහසේ තේ එකක්, කෝපි එකක් බීලා, බ්‍රවුනි එකක්, කේක් කෑල්ලක් කාලා ගෑල්ලමයට හැපි බර්ත්ඩේ කියලා, කිස් එකකුත් දීලා කතා කර කර ඉන්න මරු තවත් තැනක් තමයි ටී ඇවනියු කියන්නේ. කොහොමත් මෙතන අර නියම රෙට්‍රෝ ගතිය එන විදියට ඩෙකරේට් කරලා තියෙනවා විතරක් නෙවෙයි, නිදහස ආරක්ෂා වෙන විදියේ සෙටප් එකක තියෙන්නේ. ටී ඇවනියු කියලා කිව්වට කෝපි එකක් වුනත් මෙතනින් බොන්න අවුලක් නෑ.වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකෙත් දැන් මේ අයගේ බ්‍රාන්ච් එකක් තියෙනවා.

දුරකථන අංක:0769693577

තැන මෙතන:

 

7. Black Cat Café
Colombo Dating Spots

Source – facebook.com/blackcatcolombo

මෙන්න නිදහසේ ගෑනු ළමයත් එක්ක කෝපි එකක් බීලා,  සැන්ඩ්විච් එකක් කාලා, ආදරේ ප්‍රකාශ කරලා එන්න කැමති ඕනම කෙනෙක්ගේ හිත යන නියම තැනක්. මෙතන ඕන නම් පොතක් පතක් කියවන්නත් ඉඩ තියෙන කදිම තැනක්. පොත් පත් හොඳ කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඕන නං නවාතැන් පහසුකම් එහෙමත් තියෙනවා. ඒ කිව්වේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට්. මේ හැමදේටම වඩා බ්ලැක් කැට් කැෆේ එකේ තියෙන හොඳේ තමයි තැන සහ සෙටප් එක. හීනියට ඇහෙන රොමෑන්ටික් මියුසික් එකකුත් එක්ක, හිත සන්සුන් කරන ගතියක් තමයි මෙතන තියෙන්නේ. ගෑනු ළමයත් පූසන්ට කැමති නං ඉතින් බෝනස්!

දුරකථන අංක:011267511

තැන මෙතන:

 

පළපුරුදුකාරයාගේ බෝනස් ටිප්

දැන් ඔය හැම තැනම වෙනම බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් කියලා මෙනු එකක් නං නෑ ආයුබොවන්ඩ. හැබැයි මේ හැමතැනම ඉන්න මැනේජර්ලා, සේවකයෝ බොහොම මිත්‍රශීලී, දෙයක් කතාබහ කරල කරගන්න පුලුවන් උදවිය කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒ නිසා ගෑණු ළමයත් එක්ක යන්න කලින් තමන්ට පුලුවන් තනියෙන් ගිහිල්ලා, පොඩි සර්ප්‍රයිස් එකක් ගෑණු ළමයට දෙන්න කතා බහ කරගන්න. ඒ කියන්නේ අපිට තමයි ඕගනයිස් කරන්න වෙන්නේ. හැබැයි මේ තැන්වල කාර්ය මණ්ඩලය ෆුල් සපෝට් එක දෙයි, ඒ අයගේ වැඩ වලට බාධාවක් නොවෙන්න.

අනික මේ සමහරක් තැන්වල ඔය අරුමෝසම් කේක් වර්ග, අතුරුපස එහෙමත් තියෙනවනේ. ඉතින් ඕන නං කප්කේක් එකක් හෙම අරන් ගෑණු ළමයට දෙන්න පුලුවන් ඉටිපන්දමක් ගහලා!

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here